සිය මව්බිමට අසීමිතව ආදරය දක්වමින් කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරයේ  සිට සිංහල ගීත ගායනා කරමින් වසර 25 ක් තිස්සේ  කැනඩාවේ සිංහල ගීත රස  විදින්නන්ගේ  හදවත් වලට සමීප  වී ශ්‍රී ලාංකීය  සංගීත කලාව ප්‍රචලිත කිරීම වෙනුවෙන්  නිහඩ සේවයක්  ඉටු කරන  කලාකාමී හිතවතෙකු අපට මුණ ගැසිණි.


ශ්‍රී ලංකාවේ කළුතර  ඉපැදී ජා ඇල ගම්මානයේ හැදී වැඩුණ  ඔහු  නමින් සුනිල් ශාන් ප්‍රනාන්දුයි . සංගීතය සිය ජීවිතය හා සමාන කර ගත් ඔහු  කුඩා කලදීම සිය සංගීත දියට අත් පොත් තැබීය.

ජා ඇල ශාන්ත මරියා  දෙව්මැදුරේ  ගායන කණ්ඩායමේ කිතුණු බැති ගී ගායනා කණ්ඩායමේ හා ‘කිං ෆිෂර් ‘  නම් සංගීත කණ්ඩායමට ප්‍රථමවරට  සී.ටී. ප්‍රනාන්දු මහතාේ ‘සීගිරි සුකුමාලිේ ‘ ගීතයෙන් හඬ මුසු කරමින්  සංගීත සංදර්ශනවලටද සහභාගී වෙමින් දේවස්ථානයේ සංගීතමය කටයුතුවල පෙරමුණ ගෙන කටයුතු කළේය. 

1980 වසරේදී  ජාතික තරුණසේවා සභාවේ  නිස්කෝ ආධුනික  සංගීත තරගාවලියෙන්ද ජයග්‍රහණ  හිමි කර ගත් ඔහු  1988 වසරේදී  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  සරල ගී ගායකයකු ලෙස  ශ්‍රේණි ගත වී  ඔහුගේම ගීත නිර්මාණ හතකරක් එළි දැක්වීමට අවස්ථාව උදා කර ගත්තේය. ඒ  ගී හතරින් ජනප්‍රිය වු ‘‘ සිහින ේදී මා දකින්නේ ඔබ රුව පමණයි ‘  ගීතය තුලින්  ප්‍රථම වරට රසිකයන්ගේ  හද බැද ගැනීමට ඔහු සමත්විය. හේමසිරි හල්පිට මහතාගේ පද රචනයෙන්  එම ගීය සංගීතවත් කළේ   සංගීතවේදී  සරත් ද අල්විස් මහතා විසිනි.
1990 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටත් වී කැනඩාව බලා යන ඔහු මව් භූමිය හැර ගියද කිසි දිනෙක මව් භූමිය හෝ සංගීත දිවිය බිදකුදු  අමතක නොකළේය.  

කැනඩාවේ  හෝටල් ක්ෂේත්‍රයේ  රැකියාවේ  නියැලෙමින්  කැනඩාවේ  ජීවත් වන ඔහු මව් බිමට දක්වන අසීමිත ආදරය නිසාවෙන්ම  2005 වසරේදී  මව්බිම වෙනුවෙන් ‘පින්සර භූමීය‘නම් ගීතයක්ද ගායන කළේය.
එහි ගී පද ශාන්ත දේශබන්ධු මහතා රචනා කර  ඇති අතර එය සංගීතවත් කළේ  සංගීතවේදී අජිත් දර්ශන මහතා විසිනි. සහය ගායනයෙන් ගායන ශිල්පිනි දම්මිකා වල්පොල මහත්මිය සහාය ලබාදී   තිබේ. එසේම උපන් ගම වු කළුතර  වෙනුවෙන්ද ගී නිර්මාණය කිරීමට ඔහු අමතක නොකළේය.

කලා ලෝකයේ නිරන්තර ඔහුට සහාය වු හේමසිරි හල්පිට, රෝහණ වීරසිංහ, ලයානන්ද අලස්  , බන්ධුල නානයක්කාරවසම් , මහින්ද බණ්ඩාර , ප්‍රියා සුරියසේන, සංගීත් වික්‍රමසිංහ, ලයානන්ද අල්විස් , තිසර බණඩාර, සනත් උඩුගම, කල්පිත පැල්වත්ත,  කැලුම් ශ්‍රීමාල්, අජිත් දර්ශන ජයවීර, රුක්ෂාන් කරුණාරත්න, තලතා සේනාපති, චන්ද්‍රදාස  ප්‍රනාන්දු , ශාන්ත දේශබන්ධු, ජේම්ස් ජයසිංහ පියතුමන්  අදී  පිරිසගෙන්  ලද ගීපද රචන හා සංගීතවත් වීමි හරහා 2012 වසරේදී  ‘සිහින ලෝකේදී‘ නම්න් ගීත 17ක් අඩංගු   සංයුක්ත තැටියක් සිය රසිකයන් වෙනුවෙන් දායාද කිරීමට ඔහුට හැකි වුයේ සිය සංගීත දිවිය නැවුම් මගකට යොමු කරමිනි.

එසේම මාධ්‍යවේදියකු වු   ආනන්ද පද්මසිරි  මහතා විසින් රචනා කළ ප්‍රියනාත් රත්නායක මහතාගේ සංගීතයෙන් රසවත්  වු  සුනිල් මහතා  2014 වසරේදී ගායනා කළ ‘‘ලස්සන දවසක්‘ ගීතයද   වසර 25 ක් තිස්සේ  සංගීතය පිළිබදව ඔහුගේ සිතෙහි තිබු බලාපොරොත්තු වැඩි කිරීමට හැකි වු ගීතයක් විය.

 සංගීතය සිය ජීවීතය කර ගත් සුනිල් ශාන් මහතා ජනප්‍රිය ගායකයින් වන ක්ලැරන්ස් විජේවර්ධන ,මිල්ටන් මල්ලවආරච්චි,  මහතා ඇතුලු    ගායකයින්ගේ    ගීත වලට මහත් සේ ඇලුම් කළේය . එපමණක්  නොව ශ්‍රී ලංකාවේ මෙන්ම කැනඩාවේ ප්‍රසංගවලදී  ඔවුන්ගේ ගීත ගායන ලාංකිය ගීත කලාව ලොව පුරා ප්‍රචලිත කිරීමටද අමතක නොකළේය. මොන්ට්‍රියල් සිංහල කලා සංගමයේ  සාමාජිකයකු වන ඔහු කැනඩාවේ සිංහල ගී ගායන කරන්නකු ලෙස ඉතා ප්‍රසිද්ධියක්උසුලයි.

 ගීපද රචක භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රචිත ,රුක්ෂාන්  කරුණානායක  සංගිතය මුසු කළ  ‘මා ඈතට යන්නම්‘   ගීතය  ඔහුගේ රසිකයින්ට තිළිණ කිරීමට සැරසෙන නවතම  නිර්මාණයි. 

මේ සියලු ජගයග්‍රහණ පිටුපස  නිහඩ සෙවනැල්ලක්  වී හිදින ඔහුගේ ආදරණිය බිරිය ක්‍රිස්ටා ප්‍රනාන්දු මහත්මිය හා   පුත් ෂනුර ප්‍රනාන්දු සිහිපත් කිරීමට අමතක නොකළ සුනිල් ශාන් මහතා මෙතෙක්  ආ ගමන්   මගෙහි  ජයණයග්‍රහණ වෙනුවෙන්  සහය දැක්වු සියලු දෙනාට තුති පුද කිරීමටද   අමතක නොක‍ළේය. 

ඉදිරියේදී නව ගී නිර්මාණ රැසක් රසිකයින් වෙනුවෙන් තිලිණ කිරීමට බලාපොරොත්තු වන සුනිල් මහතාගේ  ගීතවලට ප්‍රිය රසිකයින්ට  youtube, - music.lk. - Ananmanan.com Sinhala top MP3.com ,www.hirufm.lk/music     හරහා එම ගීත රසවිදීමේ හැකියාව පවතී. (Facebook - Sunil shan Fernando)





සටහන - දිල්රුක්ෂි ග්‍රේරු

أحدث أقدم