මේ දිනවල  කුඩා දරුවගේ සිට  වැඩිහිටියා දක්වාම වැඩිපුර දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි මේ උණ හෙම්බිරිස්සාව කියන්නේ .උණ , හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ කිව්වම කවුරුත් ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ.ඒ නිසාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න හිතන්නෙ නැති තරම්.

නමුත් සාමාන්‍ය උණක්,හෙම්බිරිස්සාවකට වඩා ටිකක් අවදානම් රෝගී තත්ත්වයක් ගැනයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ.පසුගිය දිනයක දැඩි අවදානම් සහිත වු මෙම ඉන්ෆ්ලුවෙන්සා  වෛරසය වැළදීමෙන් ගර්භනී මවක් මිය  ගිය පුවතක් වාර්තා විය. මේ දිනවල වැඩි වශයෙන් පැතිර යන මෙම වෛරසය  පිළිඳව හම්බන්තොට දිස්ත්‍රික්  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  එම්.එන්.එච් ක්‍රිෂාන්ත  මහතා  ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව අප සමඟ කතා කරන්න එක් වුණා.

* ඉන්ෆුවෙන්සා යනු කුමක්ද?
මෙම රෝගය බොහෝ දුරට සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යා උණ හා සමාන වන අතර ශ්වසන පද්ධතිය  ආශ්‍රිත රෝගයකි. මෙම වෛරසය A, B , C යනුවෙන්  ඛාණ්ඩ හතරකට වෙන්  කෙරෙනවා . එයින් ඉන්ෆුවෙන්සා A සහ  B වෛරස් ඛාණ්ඩය මිනිසුන් අතර  ඉන්ෆුවෙන්සා බෝ වීම සඳහා බලපාන වෛරස් වර්ගය  වෙනවා.

H1- N1 , HA N2   ඉන්ෆ්ලුවෙන්සා  A වෛරස් ඛාණ්ඩයට අයත් වන අතර එහි අවදානම  වනුයේ  මිනිසුන් අතර ඉක්මනින් බෝ විය හැකි වසංගත තත්ත්වයක් ලෙස පැතිරිමේ අවදානමක් ඇති රෝගයක් ලෙස මෙම වෛරසය හැඳින්වීමට හැකි වීමයි.

* මෙහි රෝග ලක්ෂණ මොනවාද?
තද උණ, කැස්ස,  උගුරේ වේදනාව ,සොටු දියර ගැලීම, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම, නිවුමෝනියා තත්ත්වය දක්වා ඕනෑම රෝග ලක්ෂණයක් ඔළුව බර ගතිය, ඇගපත වේදනාව, ඇතැම් වෙලාවට බඩ බුරුලට යාම , වමනය යාම වැනි රෝග ලක්ෂණයන්  මෙහි පෙන්නුම්  කරන අතර නිව්මෝනියාව දක්වා  ඔනෑම රෝග ලක්ෂණයක්  ඉන්ෆ්ලුවෙන්සා වැළදුණු යැයි සැක කෙරෙන රෝගියකු සතු ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය.

විශේෂයෙන් කිව යුතුයි උණක් හෙම්බිරිස්සාවක් හැදුණ ගමන් මේ වැළඳිලා තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියලා අපිට නිගමනය කරන්න බැහැ. මේ රෝගලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයකු සඳහා යොමු විය යුතුයි නිවැරදිව රෝගය හඳුනාගන්න.

*  මෙම වෛරසය තවත් පුද්ගලයකුට බෝ වෙන්නේ කෙසේද?
ඉතා ඉක්මනින් තවත් පුද්ගලයකුට වැළඳිය හැකි රෝගයක් වන මෙය ප්‍රධාන වශයෙන් බෝවීමේ ක්‍රම තුනක් හඳුනා ගෙන තිබේ.

1-සෘජුවම රෝගියකුට නිරාවරණය වීම

2-  වෛරසය වැළදී ඇති අයකු පරිහරණය කරන භාණ්ඩ  පරිහරණය. (උදාහරණ- පෑන් ,පැන්සල්, සෙල්ලම්බඩු අදිය )

3- අසාධිත බිඳිති අග්‍රාහණය වීම ( කිවිසුම් යාමේදී මුවින් පිටවන කෙල බිඳිති)

*  මෙම වෛරසය  වැළඳීමේ අවදානම් පිරිස් ඉන්නවද?
යම් රෝගයක් වැළඳුණාම එය එක එක පුද්ගලයා අනුව ශරීරවලට බලපාන අයුරු තියෙනවා.ඒ වගේම තමයි මේ වෛරසයේ අවදානම් ඛාණ්ඩ හතරක් ඉන්නවා.

1. වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්

2. වයස 65ට වඩා වැඩි වැඩිහිටියන්

3. ගර්භනී මව්වරුන්

4. නිධන්ගත රෝග සහිත පිරිස් (පෙනහළු ආබාධ- ඇඳුම, දියවැඩියාව,වකුගඩු රෝග අක්මාව ආශ්‍රිත රෝග, හෘද වස්තුවේ ආබාධ  (අධික රුධිර පීඩනය මෙයට අදාල නොවේ) ප්‍රතිශක්ති උණතා අඩු අය, එච්.අයි.වී ආසාධිතයින්, වකුගඩු බද්ධ කළ රෝගීන්. දීර්ඝකාලීන ලෙස ඇස්ප්‍රින් ලබා ගන්නා අවුරුදු 19 ට අඩු පුද්ගලයින්.

සාමාන්‍ය පුද්ගලයකුට වඩා මේ පිරිස  ඉතාමත් අවදානම්.හඳුණාගත වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි.

*  මෙවැනි  පිරිස් හට මෙම රෝගය වැළඳුණහොත් ජීවිත අවදානමක් මතු වෙන්න පුළුවන්ද?
සාමාන්‍ය පුද්ගලයින්ට වාඩා මේ පිරිස වෙනස් .ජිවිත අවදානම ඉතාමත් වැඩියි මේ වෛරසය එක්ක. පහුගිය කාලේ  ගර්භනී මාතවන් මිය අවස්ථා තිබුණා.ඒ නිසා සෞඛ්‍ය ගැන හැම කෙනෙක්ම ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

* මෙවැනි රෝගියකු හඳුනාගෙන නිවැරදි ලෙස ප්‍රතිකාර සිදු කරන්නේ කොහොමද?
ලංකාවේ වැඩිපුර පැතිරෙන්නේ  ඉන්ෆුවෙන්සා ඒ ( A- H1N1) වෛරසය ,  නමුත් A - B  කියලා  වෙනසක්  වෙන්නේ නැහැ. මොකද රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා  විසින් ප්‍රතිකාර සිදු කරනවා.

සැක සහිත රෝගීන් හඳුනාගතහොත් එය නිවැරදිව හඳුනා ගැනීම සඳහා රෝගියාගේ  නාසයේ සහ උගුරෙන් ලබා ගන්නා ශ්‍රාවයන් හි  සාම්පල් දෙකක් පරීක්ෂණයක් සඳහා  බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු  කරනවා. එතැනින් තමයි හරියටම තහවුරු කරන්නේ මේ ඉන්ෆුවෙන්සා  A රෝගියක්ද, B රෝගියෙක්ද කියලා.

මේ එක්  පර්යේෂණයක් සඳහා රජයට රුපියල් දහදාහකට අධික මුදලක්  වැය වෙනවා. ඒ නිසා  හඳුනාගත නොහැකිම රෝගියකු සිටියහොත් පමණයි සෑම රෝහලකින්ම එම පරීක්ෂණය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරන්නේ.ඊට පස්සේ ඒ අනුව සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරනවා.

*  මෙම වෛරසය පැතිරෙන කාල සීමාවක් තියෙනවද?ඕනෑම කාලයක එය සිදු වෙන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් . ලෝකයේ ඉන්ෆ්ලුවෙන්සා  A 1 වර්ගය සියයට 35ක්  B වර්ග සියයට 65 ක් වගේ  තියෙනවා  අපේ රටේ වරින්  වර  මේ තත්ත්වය වෙනස් වෙනවා. ලංකාවේ රෝගය උත්සන්න වන දෙකක් තිබෙනවා.  එක කාල සීමාවක්  මැයි, ජුනි,  ජුලි  ඒ කියන්නේ අපි මේ පසු කරන කාල සීමාව

අනික් කාල සීමාව තමයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි  මේ කාලය ඉතාමත් පරිස්සම් වෙන්න ඕනි. සාමාන්‍ය කැස්සක්, උණක්, හෙම්බිරිස්සාවක් කියලා වෛද්‍ය ප්‍රතිකාර නොගෙන ඉන්න එපා.

*  පහු ගිය කාලෙදී  බොහෝ දෙනා අතර පැතිරුණ කතාවක් තමයි මේ H1N1 ඉන්ෆ්ලූවන්සා කියන වෛරසය පැතිරෙන්නේ කුරුල්ලන්ගෙන් කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද?
නැහැ ඇත්ටම එය නිවැරදි මතයක් නෙවෙයි. ඉන්ෆ්ලුවෙන්සා වෛරසරය කුරුල්ලන්ගෙන් බෝ වන බව පහුගිය කාලයේදී ගොඩක් කතා බහ වුණා. නමුත් එය කුරුළු උණක් නෙවෙයි. එහෙම  රෝගීන් ලංකාවේ වාර්තා වෙලා  නැහැ. මේ වෛරසය  මනුස්යෙකුගෙන් තවත් මනුස්සයෙකුට බෝ වෙන වෛරසයක් කියන දේ කියන්නම ඕනි.

 මෙකී රෝග ලක්ෂණ ඇති රෝගීන් H1N1 ඉන්ෆ්ලූවන්සා රෝගය සඳහා සැක සහිත රෝගීන් ලෙස සැලකෙන අතර ඔවුන් අතරින් දරුණු රෝග ලක්ෂණ හෝ රෝගී තත්වය උත්සන්න වන ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් (රජයේ හෝ පෞද්ගලි) වලට ඇතුළු කරගනු ලැබේ. මෙසේ ඇතුළු කරගන්නා ලද රෝගීන් පමණක් අවශ්‍ය පරිදි රෝගය ස්ථිර කිරීමේ රසායනාගාර පරික්ෂණය සඳහා යොමු කරනු ලබන අතර නියමිත ප‍්‍රති වෛරස් ඖෂධ ලබා දෙනු ඇත. බරපතල නොවන උණ සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප‍්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප‍්‍රතිකාර ලබාදිය යුතු අතර ඔවුන් පිලිපැදිය යුතු උපදෙස් නිවරදිව දිය යුතුයි ඇති  රෝගියකු හමු වුවහොත් ඔහු ඉන්ෆුවෙන්සා යැයි සැක සහිතව  ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරේ.) , නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස, උගුර ආසාදනය, හිසරදය හා මස්පිඩු හා හන්දි රුදාව මෙහි රෝග ලක්ෂණ වේ. මෙකී රෝග ලක්ෂණ ඇති රෝගීන් 1 ඉන්ෆ්ලූවන්සා රෝගය සඳහා සැක සහිත රෝගීන් ලෙස සැලකෙන අතර ඔවුන් අතරින් දරුණු රෝග ලක්ෂණ හෝ රෝගී තත්වය උත්සන්න වන ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් (රජයේ හෝ පෞද්ගලික) වලට ඇතුළු කරගනු ලැබේ. මෙසේ ඇතුළු කරගන්නා ලද රෝගීන් පමණක් අවශ්‍ය පරිදි රෝගය ස්ථිර කිරීමේ රසායනාගාර පරික්ෂණය සඳහා යොමු කරනු ලබන අතර නියමිත ප‍්‍රති වෛරස් ඖෂධ ලබා දෙනු ඇත. බරපතල නොවන උණ සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප‍්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප‍්‍රතිකාර ලබාදිය යුතු අතර ඔවුන් පි


1භ1 ඉන්ෆ්ලූවන්සා රෝගීන් සඳහා උපදෙස් 1ග ඔබට නියම කරන ලද ඖෂධයන්හි (උදා: උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් නියමිත මාත‍්‍රා නිසි පරිදි භාවිතා කරන්න.

 2 ඇඳ විවේකය ලබා ගන්න.

3- වැඩිපුර දියර වර්ග පානය කරන්න.

4- පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න.

5- පවුලේ සාමාජිකයන් හට රෝගය පැතිරීමෙන් වැ

6- නිතර සබන් යොදා හොඳින් අත් සෝදන්න. විශේෂයෙන් කිවිසීමෙන් හා කැස්සෙන් පසු මෙසේ දෑත් සේදිය යුතුයි.

7- කහින හා කිවිසින අවස්ථා වලදී දෑත් වලින් මුඛය හා නාසය ආවරණය කිරීමෙන්



වැඩිහිටියන් සඳහා
හුස්ම ගැනීමට අපහසු වීම

 නොනවතින වමනය  පපුවෙහි හෝ බඬේ වේදනාව හෝ තෙරපුම

 කරකැවිල්ල  සිහිමඳ ගතිය හෝ සිහි මුර්ජා වීම

රෝග ලක්ෂණ සුව වීමෙන් අනතුරුව නැවත උණ හෝ තද කැස්ස පැතිරීම


දරුවන් සඳහා
 හුස්ම ගැනීම වේගවත් වීම හෝ අපහසු වීම

  සම නිල් හෝ අළු පැහැ වීම

 දියර වර්ග පානය කිරීමට අපහසු වීම වීම/අඩුවීම

පහකරන මුත‍්‍රා ප‍්‍රමාණයෙහි අඩුවක් දක්නට ලැබීම හෝ අඩ’න විට කඳුළු වැටීම අඩු වීම

 නොනවතින වමනය

 ප‍්‍රතිචාර දැක්වීම අඩුවීම

නොසන්සුන් ලෙස හැසිරීම

 රෝග ලක්ෂණ සුව වීමෙන් අනතුරුව නැවත උණ හා තද කැස්ස ඇතිවීම

(සැලකිය යුතුයි)

පහත දක්වන කණ්ඩායම් වලට අයත්  1භ1 ඉන්ෆ්ලූවන්සා රෝගීන් මෙම රෝගයේ සංකූලතා කෙරෙහි වැඩි අවදානමක් දරන හෙයින් ඔවුන් තමන්ගේ රෝගී තත්වය පිළිබඳව වඩාත් සැලකිය යුතුයි.රෝග ලක්ෂණ දරුණු වුවහොත් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.


කුඩා දරුවන් පාසල් යවන්න එපා.එයින් එම දරුවාගේ අසනීප තත්ත්වය වැඩි වනවා වගේම අනික් දරුවන්ගේ ජීවිත වලටත් එය අවදානමක්. දෙමව්පියන් මේ ගැන විශේෂයෙන් අවදානය යොමු කරන්න ඕනි.පාසල්වල ඉන්නවනම් මෙවැනි දරුවන් ගුරුවරුන්ගේ වගකීම වෙන්න ඔනි දරුවන් ආපහු නිවසට යවලා මව්පියන් මේ ගැන දැනුවත් කරන්න.

පහුගිය කාලයේදී රෝගය වැඩි වශයෙන් පැතිරුණා.සෙනඟ ගැවසෙන ස්ථාන වැඩි වීම තුළයි එවැනි තත්ත්වයක් වැඩි වුණේ.තෙතමනය සහිත කාලගුණය මෙම වෛරසය පැතිරීමට බෙහෙවින් උපකාරී වෙනවා.රෝගය උත්සන්න වුණොත් ජීවිත අවදානමක් එන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී මව්වරුන්ට, අවුරුදු 2කට දරුවන්,ප්‍රතිශක්තිකර‍ණ අඩු, වයස වැඩි  නම් මෙය වැලදෙන්න දෙන්නම හොද නැහැ.පහුගිය කාලයේදී එවැනි මරණ වාර්තා වුණා. රෝගය වැඩි වුණොත් ප්‍රතිකාර කළත් එය ඔරොත්තු දෙන්නේ නැහැ. මරණ වැඩි වෙන්න හේතුව එයයි.මරණය ගෙන දෙන රෝගයක්.

සඛ්‍යාත්මකව වාර්තා කරන්නේ නැහැ.රෝහල්වල තිබුණත් ඝනනය කරන්න බැහැ. උණ හෙම්බිරිස්සාව හැඳුණම රෝගීන් කොච්චරද වර්ග කරන්න බැරි නිසා සංඝණනයක් නැහැ. පැතිරීම වළැක්වීම තමයි අපි කළ යුත්තේ.

සැක සහිත රෝගියෙක් හමු වුවහොත් වහාම වෛද්‍යවරයකුට යොමු කරන්න.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන  රෝගී තත්ත්වයකි.
මෙම රෝග ලක්ෂණ ඇත්නම් පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබ මෙන්ම ඔබේ අවට සිටින පුද්ගයාගේ ජීවිතයද ආරක්ෂා කර ගැනීමට හැකි වේ.

සෙනඟ රැස්ව ස්ථාන මඟහරින්න
කැස්සක් හෝ කිවිසමුක් ඇති වන විටකදී මුව හා නාසය ලේන්සුවකින්,ටිෂුවකින් හෝ තම  වැලමිටෙන් ආරක්ෂා කරන්න.

නිතර දෑත් සබන් යොදා පිරිසිදු කරගන්න.ටිෂු ආරක්ෂිත අන්දමින් ඉවත් කරන අතර ලේන්සුව නිතර  සෝදන්න‍

සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුව ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කරන්න.

 ( සාකච්ඡා සටහන දිල්රුක්ෂි 
ග්‍රේරු)


Post a Comment

أحدث أقدم