පහු ගිය දවස්වල  මුහුණ දෙන්න වුණ  අනපේක්ෂිත  සිදු වීමක් නිසා  කලා ලෝකයෙන් එහාට ගිහින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණ රීතු ආකර්ෂාට මේ දවස්වල විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක රඟපාන්න වෙලා තියෙන චරිතයක් නිසා ඇය ගොඩක් නපුරු චරිතයක්


කියලලු හැමෝම හිතන්නේ.
හැබැයි රිතූනම් අපිට එයා ගැන කිව්වේ වෙනස් කතාවක්. ඇයගේ  පෞද්ගලික ජීවිතේ තොරතුරු වගේම කලා ලෝකයේ අලුත් තොරතුරු ඔබට කියන්න මේ දවස්වල මොකද කරන්නේ කියලා අපි රීතූගෙන් ඇහුවා. 

ප්‍ර- ඉතින් කොහොමද ? මේ දවස්වල  මොනවද අලුත් තොරතුරු?

පි- හොදින් ඉන්නවා. ගොඩක්ම කාර්යබහුලයි. විවේකයක් නැති තරම්. ජනක චමින්ද මහත්මයගේ බවහර, ජී නන්ද සේන මහත්මයාගේ කාසිවත ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ  සැලමුතු සිහින සහ ආදරේ සුවඳ අරන්  කියන ටෙලි නාට්‍ය හතර රූගත කිරීම් වලට සහභාගී වෙනවා.

ප්‍ර- රඟපානවට අමතරව මේ දවස්වල මොකද කරන්නේ?

පි- ටෙලි නාට්‍ය රූගත කිරීම් නිසා නම් වෙන දෙයකට කාලයක් යොමු කරන්න වෙලාව  නැහැ. වේදිකා නාට්‍යකටත් ආරාධනා ලැබුණා.ඒත් ප්‍රතික්ෂේප කරන්න වුණා. කරන දේ හරියට කරන්න ඕනි නිසා  අලුතින් කියලා මගේ පෞද්ගලික කිසිම දෙයක්වත් පටන් ගත්තේ නැහැ.

ප්‍ර - කාර්යබහුල වුණාම එපා වෙන්නේ නැද්ද?

පි- ඇත්තටම එහෙම දෙයක් නෑ. රංගන ශිල්පිනියක් විදියට මං හිතන්නේ ඒක තමයි ජීවීතේ .එපා වුණොත් කරන වැඩේ ආසාවෙන් සාර්ථකව කරන්න බැහැ. ඒ නිසා මම භාරගත්ත හැම දෙයක්ම ඉතාම ආසාවෙන් කරන්නේ.

ප්‍ර- මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයක විතර රගපාලා තියෙනවද?

  පි- දහයක් විතර වගේ . ඒ අතරින් දැනට විකාශය වෙන්නේ  සිරස නාලිකාවේ විකාශය වෙන  උතුම් පැතුම්  ටෙලි නාට්‍ය සහ අයි ටීන් නාලිකාවේ  ආදර වැස්සක් ටෙලි නාට්‍ය විතරයි. තව නිර්මාණ අටක් විතර  එන්න තියෙනවා.

ප්‍ර- එකම  විදිහේ චරිත වලට ඔබ කොටුවෙලා  නේද?

පි මං එහෙම හිතන්නේ නෑ. කාලීනව වෙනස්වුණ විවිධ චරිත මං රඟපාලා තියෙනවා

ප්‍ර- ඉස්සරහට යද්දි  කැපිලි කෙටිලි නැද්ද

  පි- අපෝ ඒ වගේ දේවල් නම් ඕනි තරම් තියෙනවා. කිසි දෙයකට මං සැලෙන්නේ නෑ. මගේ ගමන යනවා. 

ප්‍ර-  පදිංචිය කොහෙද?
පි- අවුරුදු පහළොවක් විස්සක්  විතර හිටියේ කොළඹ, දැන්නම් කැළණියේ

ප්‍ර- ඉගෙනගත්ත පාසල කොහෙද
පි- කොළඹ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය

ප්‍ර - පාසලෙන් ඉවත් වුනාට පස්සේ ආපහු   කී වතාවක් ගිහින් තියෙනවද?

පි- ගොඩක් වෙලාවට පාසලේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙනවා.දැන් මාස දෙකකට විතර කලින් මගේ පන්ති භාර ගුරුතුමියගේ විශ්‍රාම ගැනීමේ උත්සවයට ගියා

ප්‍ර- ඔබේ රගපෑම් ගැන ගෙදර අය මොකද කියන්නේ

පි-  ලොකු සහයෝගක් ලැබෙනවා ගෙදරින් .තාත්තා කලාවට ගොඩක් ලැදි කෙනෙක්. අම්මගෙනුත් ලොකු සහයක් ලැබෙනවා.පොඩි මල්ලි තමයි රගපාන චරිතවල හොද නරක හැම වෙලාවේම කියන්නේ.

ප්‍ර- ඔබ ගොඩක් නපුරු , ආඩම්බර චරිතයක් කියලයි ආරංචිය?

පි-  අපෝ  කොහොමත්ම නැහැ. මේ දවස් වල විකාශය වෙන උතුම් පැතුම්ටෙලි නාට්‍ය බලන ගොඩක් අය හිතන්නේ මං ගොඩක් නපුරු , වස චරිතයක් කියලා. ඒ රඟපෑමක් විතරයි .සෑබැ ජීවීතේදී එහෙම නෑ.

ප්‍ර- එහෙනම් රීතූ ආකර්ෂා කියන්නේ කවුද?

පි- ගොඩක් සරල විදිහට ජීවත්වෙන, කා එක්කත් හොදින් ඉන්න කැමැති ඒ වගේම ගොඩක්  සංවේදී කෙනෙක් 

ප්‍ර- ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

පි- ගොඩක් හොදයි. උතුම් පැතුම් ටෙලි නාට්‍ය චරිතේ නපුරුයි කියලා  සමහරු බනින අවස්තාත් නැතුවම නෙවෙයි.

ප්‍ර- ජීවිතේ අමතක නොවන සිදු වීමක් මතක් කළොත්?

පි-  පහුගිය දවසේ පාර්ලිමේන්තු පාරේදී සිදු වුණ අනතුර. කිසිම දවසක අමතක වෙන එකක් නෑ.

ප්‍ර-  ඒ නිසා  හිටියට වඩා ජනප්‍රිය වුණා නේද ?

පි - හ්ම්..... මං දන්නේ නෑ ඇයි ඒ තරම් ලොකුවට ඒ ගැන කතා කළේ කියලා. පාර්ලිමේන්තු පාර නිසා වෙන්න ඇති. ඒ සිදුවීම අත්වැරදීමක් විතරයි. අනික මේක නිළියක් අතින් වුණ පළමුවෙනි අනතුර නෙවයිනේ.ගොඩක් අය කිව්වා මං බීලා හිටියා කියලා එහෙම දෙයක් නම් වුණේ නැහැ.

ප්‍ර-  - ඒ සිදු වීමෙන් පස්සේ  හිතවතුන් මොකද කියන්නේ?

  පි - ගොඩක් අය මට කතා කරලා කිව්වා දුක් වෙන්න එපා  බය වෙන්න එපා කියලා .මාව දිරිමත් කළා. ඒ අතරෙම විවිධ කතා කිව්ව අයත් හිටියා. මේ ක්ෂේත්‍රයට එද්දී ඉතින්  හොද නරක හැමදේම විදගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි.  එදා අනතුර වුණවෙලාවේ මනුස්සයෙක් මැරුණේ නැහැ කියලා මං සතුටු වෙනවා. කවුරුත් කියන ඒවා මං ගණන් ගන්නේ නෑ.

ප්‍ර- පුංචි තිරයේ වගේම සැබෑ  ජිවිතෙත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද

පි තවම එහෙම කෙනෙක් නැහැ.  ආදරේ හරිම සුන්දරයි ඒත් මේ වැඩත් එක්ක ඒක හරි කරදරයක්  කියලා මට දැනෙනවා.ඉතින් ගෙදරට ඒ කටයුතුභාරදීලා මං මගේ වැඩ කරන් සැහැල්ලුවෙන් ඉන්නවා.

 ප්‍ර- ඉදිරි බලාපොරොත්තු මොනවද?

පි -ටෙලිනාට්‍ය වගේම සිනමාවටත් සම්බන්ධවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම රංගනය වැඩි දියුණු කරගෙන සාර්ථක නිළියක් විදියට  හොද නිර්මාණ වලට සම්බන්ධවෙලා ඉදිරියට එන්න තමයි.




සටහන - දිල්රුක්ෂි ග්‍රේරු

Previous Post Next Post