ලාංකිය සිනමාවේ
තවත් වෙනස් පිටුවක් පෙරළන්නට මේ දවස්වල සුදානම්.ඒ තොරතුර
වගේම පෞද්ගලික තොරතුරු මොනවද කියලා දැනගන්නත් එක්කම අපි ඔහුගෙන් ඇහුවා ‘මේ දවස්වල මොකද කරන්නේ‘ කියලා?
ප්‍ර- මේ දවස්වල තොරතුරු මොනවද?
පි- කලා
කටයුතු එක්ක තමයි දවස ගෙවෙන්නේ. අලුත්
නිර්මාණ කිහිපයක වැඩ නිසා කාර්යබහුලත්වයක්
තියෙනවා.
ප්‍ර -මොනවද ඒ අලුත් නිර්මාණ
පි- ‘මධුර
චාරිකා‘ නමින් මගේ නවතම සිනමා නිර්මාණයේ
වැඩකටයුතු සිදු කෙරෙනවා. කලාත්මක චිත්‍රපටයක්.
මේ වෙද්දී එහි සියළු වැඩකටයුතු අවසන් , ජාත්‍යන්තර සිනමාවේ
ප්‍රදර්ශනය කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු දේ සුදානම් කරලා තියෙන්නේ.
‘බන්ධන ‘ කියලා හොරර් (ත්‍රාසජනක) චිත්‍රපටයක මේ දවස්වල සංස්කරණ කටයුතු සිදු වෙනවා. වෙනස්ම ආකාරයකින්
මෙතෙක් සිංහල සිනමාවේ දකින්න නොලැබුණ නිර්මාණයක් වෙයි ඒ
නිර්මාණය කියලා මං හිතනවා . ඒ වගේම හඩ කැවීම්
සහ තවත් නිර්මාණ කිහිපයක් රචනා කරමින් ඉන්නවා.
ප්‍ර- මේ නිර්මාණ ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්නේ කවදාද?
පි- ලබන
අවුරුද්දේ මැද වගේ වෙද්දී එක් චිත්‍රපටයක්
ප්‍රදර්ශණය කිරීමේ හැකියාවක් තියෙනවා
ප්‍ර- එදා මෙදා
තුර ඔබ කොතරම් නිර්මාණ සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් ලබා දී තිබෙනවාද?
පි- චිත්‍රපට 22ක් පමණ
ප්‍ර- ඔබ විවිධ තේමා යටතේ
වසරක් පාසා නව නිර්මාණයක් ප්‍රේක්ෂකයින්ට
තිලිණ කරනවා නේද?
පි - මගේ කිසිම
නිර්මාණයක් එකම ආකාරයකින් නැති වීම
විශේෂයක් විදියට දකිනවා. ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර නිසා සහ මගේ අත්දැකීම් තුලින් මට ඒ හැකියාව ලැබී
තිබිම ලොකු වාසනාවක්.ඉදිරියේදි එන‘ බන්ධන‘ චිත්‍රපටය තුලින් ලංකීය සිනමාවේ මෙතෙක් නොතිබු දෙයක් මට කරන්න හැකියාව ලැබෙයි
කියා විශ්වාස කරනවා.ඒ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි.හැම වේලාවේම හොද වගේම වෙනස්
විදිහේ දෙයක් දෙන්නයි මම උත්සාහා කරන්නේ.
ප්‍ර- ඔබ කලාවට
පිවිසෙන කාලය සහ අද නව කලාකරුවන් අතර
වෙනසක් දකිනවාද?
පි- එදා මම කලාව කියන දේ ගැන යම් තේරුමක් දැනෙන කාලයේදී මං ඒ ගැන හැදැරීම් කළා.ඒ නිසයි මේ තරම් දුර පැවැත්මක් තිබුණේ. නමුත් අද එහෙම හැදැරීමක් වෙන්නේ නැහැ.ඒ නිසා තමයි
සාර්ථක නිර්මාණ අද බිහි නොවෙන්නේ
ප්‍ර- ඔබේ
නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පි- සාර්තක ප්‍රතිචාර
තියෙනවා.
ප්‍ර- කුඩා දරුවන්
වෙනුවෙන් ඔබ විශේෂයෙන් නිර්මාණ කරනවා. දරුවන් වෙනුවෙන් අලුතින් යමක් නිර්මාණය
වෙන්නේ නැද්ද?
පි- තවම නම්
අලුත් යමක් නැහැ. නමුත් විනෝදාශ්වාද සහ
දරුවන් වෙනුවෙන් තේමාවක් මගේ හිතේ
තියෙනවා. ඉදිරියේදී නිර්මාණය වේවි.
ප්‍ර- බොහෝ නිර්මාණයන්ට ඇයි ප්‍රේමය විතරක් මූලික
වෙන්නේ? ඊට වඩා යමක් නැද්ද නිර්මාණ
බිහිවෙන්න?
පි- ප්‍රේමය හරි
සුන්දර දෙයක්. කවුරුත් ඒ සුන්දරත්වයට කැමැතියි.
එක හේතුවක් ඒක වෙන්නැති. එතැනින් එහාට ගියාම විනෝදාශ්වාදය,හාස්‍ය ,ත්‍රාසජනක
චිත්‍රපට නිර්මාණය වෙනවා. නමුත් හැම දෙයක්ම අභිබවා ප්‍රේමයට මුලීකත්වයක් තිබෙනවා.
ප්‍ර- එදා සහ අද
සිනමාවේ බිහිවෙන බොහෝ නිර්මාණයන්හි තියෙන්නේ ගුණාත්මක භාවයට එහා ගිය
වාණිජ්‍ය පරමාර්තයක් විතරයි නේද?
පි- කලාව කියන්නේ
විසිරුණ දෙයක්නේ. ඉතින් වෙළෙද පරමාර්ථයෙන් ඇතැමි නිර්මාණත් බිහි වෙනවා. වෙළෙද
අරමුණු ඇතිව එදා නිර්මාණ බිහි වුණේ නෑ. කලාව ඇතුලේ ලොකු ගෞරවනීයත්වක්
ගුණාත්මක භාවයක් එදා තිබුණා. අද මුදලාලිලාගේ සාක්කුවට වැටුණු කලාවක්
නිර්මාණය වෙනවා. ඒ වගේම අද තියෙන තාක්ෂණය වැරැදි විදියට ප්‍රයෝජනයට ගන්නා පිරිසක් ඉන්නවා . ඒ වගේම තමයි ඇතැම් නිර්මාණ සිනමා
ශාලාවලට එන්නත් කලියෙන්ම ඩී.වී.ඩී වලට
කොපි කරලා බෙදා හරිනවා. එතැනදි ඒ සම්බන්ධ වැඩකටයුතු කරපු පිරිසත් අසරණභාවයට
පත් වෙනවා.සමස්ථයක් විදියට කලාව ගැන බලන්න
එදා බිහිවුණ ගීයක් ඇරැණකොට අද
රසවින්දනයක් ඇති ගීයක්වත් නිර්මාණය වෙනවාද? කලාවේ පිරිහීම සිදු වන්නේ මෙවැනි දේ නිසා.
ප්‍ර- ඔබ හිතන්නේ
බිහිවිය යුත්තේ කුමන ආකාරයේ නිර්මාණයන්ද?
පි- ගුණාත්මක භාවය කියන දේ
ගොඩක් වැදගත් , මම දකින්නේ
විනෝදාත්මක චිත්‍රපට වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන්නේ. විශේෂයෙන්ම පවුල කියන සංකල්පය මුල් තැන ලබා දෙන චිත්‍රපට
එනවා නම්, ඒ චිත්‍රපට
නරඹන පිරිස වැඩි නම් ඒ තමයි සාර්ථකත්වය. නමුත් අද බොහෝ
නිර්මාණ වල තියෙන්නේ සරල විනෝදාශ්වාදයක් විතරයි.
ප්‍ර- ඔබේ නිර්මාණ
අතරින් වැඩි කැමැත්තක් විශේෂයක් දක්වන නිර්මාණ තියෙනවද?
පි-මගේ හැම
නිර්මාණයක්ම එක වගේ විශේෂයි.මගේ දරුවන්ට වගේ ඒ හැම නිර්මාණයකට
ආදරෙයි.නිර්මාණයක් ප්‍රේක්ෂකයා අතරට ගේන්න
කලින් එහි ප්‍රචාරණ කටයුතු පැවැත්ම ආදී හැම දෙයක් ගැනම මං අවධානය යොමු කරනවා. කිසි
විටෙකත් අධානමක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ.
ප්‍ර- අද ඕනෑම කෙනෙකුට
නළුවෙක් නිළියක් වෙන්න පුළුවන් තත්ත්වයක් ක්ෂේත්රයේ නිර්මාණය වෙලා නේද?
පි- ඕනෑම කෙනෙකුට නළුවෙක් නිළියක් වෙන්න බැහැ. ඒකට දක්ෂතාව,
එ විෂය පිළිබඳ හැදැරීම තිබිය යුතුයි.
දක්ෂතාව නැති වුණොත් සාර්ථකත්වයක් නෑ. අනික් කරුණු හැමදේටම වඩා වටින්නේ එයයි.හැම
කෙනෙකුටම එය පිහිටන්නේ නැහැ.
ප්‍ර- ඔබේ
නිර්මාණවලට නවකයින් සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?
පි-මේ ගැන නම් බොහෝ
දෙනා මගෙන් විමසීම් කරනවා.දක්ෂතා තියෙන අය , සිනමාවට ගැලපෙන රූපකායක් ඇති අය ලැබුණොත් අවස්තාවක් ලබා
දෙනවා.. ඒ වගේම තමයි මේ වෙද්දී නවකයින් මේ ක්ෂේත්රයට වැඩිපුර හඳුන්වා දී ඇත්තේ
මම. ඉදිරියේදීත් අවස්ථාව ලැබෙයි.
ප්‍ර- වර්තමාන
සිනමා ක්ෂේත්රයේ ගැටලු නැද්ද?
පි- නැහැ කියන්න බැහැ. මොකද අද අපට ගණුදෙනු කරන්න
වෙලා තියෙන්නේ දියුණු තාක්ෂණයත් එක්ක. ලංකාවේ සිනමාව ඒ තරමට දියුණු තත්ත්වයකට
ඇවිත් නැහැ. මේ දේවල් වෙනස් වුණේ නැත්තමි ලාංකිය සිනමා ක්ෂේත්රයම ලොකු කඩාවැටීමක් සිදු වෙනවා.හොද නිර්මාණ බිහි වෙනවා
අඩුයි . එය එක් ගැටලුවක් පමණයි.පවතින ගැටලු විසඳුම් සොයන්න නම් සමස්ත කලාව ගැනම විශේෂයෙන් සිනමාව පිළිබදව රජයේ අවධානය ලැබිය යුතුයි.නැතිව කොතරම්
මේ ගැන කතා කලත් වැඩක් නැහැ.
ප්‍ර- සිනමාවේ විවිධ පැතිකඩ නිරූපණය කරමින් වර්තමානයේ විවිධ ආයතන මගින් සම්මාන දෙනවා
ඇගයීම් කරනවා. මේ පිළිබඳව මොකද හිතන්නේ ? සැබෑ සුදුස්සාට සුදුසු තැන හිමි වෙනවද මේ
දේවල් තුලින්?
පි- එක්
පැත්තකින් සිනමා නිර්මාණ,සිනමාව ඇගයීමක්
කෙරෙන එක හෙදයි.ඇතැම් අවස්තාවල සුදුස්සාට ඇගයිම ලැබෙනවාද ඒ ස්ථානය හිමි වෙනවාද
කියන එක ගැටළුවක්.ඇතැම් ආයතන හුදෙක් වාණිජ්‍ය පරමාර්ථ ඇතිවත් ඒ වගේ දේ කරනවා.ඒ ගැන
විවේචනයක් කරන්නේ නැහැ. කලාව ඇගයීමට ලක් වෙන එක ඉතාම හොදයි. හොද නරක දෙකම තියෙනවා.
ප්‍ර-මේ ක්ෂේත්රයට
එන නවකයින්ට මොකද්ද කියන්න තියෙන්නේ?
පි- කලාව
රැකියාවක් කරගන්න එපා.මුදල් ඉපැයීම නෙවෙයි කලාව කියන්නේ. ඒ වගේ අරමුණකින් ක්ෂේත්රයට
ආවොත් පැවැත්මක් නැහැ.කැපවීමෙන් දක්ෂතාවත් එක්ක දුර ගමනක් යන්න පුළුවන් විදියට
හැදෙන්න.
ප්‍ර- අනාගත
බලාපොරොත්තු
පි- සාර්ථක
නිර්මාණ ප්‍රේක්ෂකයින්ට ලබා දීම වගේම
අනිකුත් කලා කටයුතු සිදු වෙනවා.එ වගේම මගේ බිරිය සහ දරුවන් දෙදෙනා එක්ක ගෙවන
ජීවීතේ හැමදාම වගේ ඉදිරියේදීත් සතුටින් ගෙවන්න
දිල්රුක්ෂි ග්‍රේරු