1. ගර්භණි සමයේදී ගර්භාෂයට කොපමණ විශාලවේද?
ගර්භණි වීමට පෙර ගර්භාෂයේ බර 70 g ක් පමණ වන අතර එහි ඇති කුහර ප්‍රදේශයේ පරිමාව 1 ml ක් පමණ වේ.
නමුත් එය ගර්භණි සමය අවසන් වන විට බර 1 kg ක් දක්වා වැඩිවන අතර 20 lක් පමණ ද්‍රාවණ පරිමාවක් අන්තර්ගත කිරීමට එහි කුහරයට අවකාශ ලැබේ.
එමෙන්ම ගර්භාෂයේ හැඩයද ගර්භණි සමයේදී වෙනස් වේ. ගර්භණි වීමට පෙර පෙයර් ගෙඩියක හැඩය දරන මෙය සති 28 ක් පමණ වන විට ගෝලාකාර වන අතර ප්‍රසුතිය ආසන්න වන විට ඕවලාකාර හැඩයක් ගනී.
ගර්භයට සති 12 – 14 ක් පමණ වන විට ගර්භාෂය උදර කුහරය හරහා ස්පර්ශ කිරීමේ හැකියාවක් ලැබේ.
ගර්භයට සති 20 ක් පමණ වන විට මව්වරු ගැබ්ගත් බව බාහිරින් නිරික්ෂණය කිරීමෙන් පෙනේ.
2.දරුවා ප්‍රසුත වීමට පෙර පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීම සාමාන්‍යද?
පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීමට හේතුවන්නේ ප්‍රොලැක්ටින් , Hpl , ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසාය.
ගර්භණි සමයේ මුල් සති 14 දී මව්කිරි ස්‍රාවය වීම දුලබ දසුනක් නොවේ.
ප්‍රසුතියෙන් පසු වැදෑමහ ඉවත් වීමෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉවත් වීමත් සමග මව්කිරි ස්‍රාවය වීමට තිබු බාධකය ඉවත්වීමක් සිදු වේ.
ගර්භණි සමයේ මැද කාලයේදී මවට කොලස්ට්‍රම් ස්‍රාවය කිරීමට හැකියාව ඇත.
2. දරුවා ප්‍රසුත වීමට පෙර පියයුරුවලින් මව්කිරි ස්‍රාවය වීම සාමාන්‍යද?
ප්‍රසුතියට පෙර මව්කිරි ස්‍රාවය වීමෙන් ප්‍රසුතයෙන් පසු අඩුවෙන් මව්කිරි ස්‍රාවය වේ යන්න අදහස් නොවන බැවින් ඒ පිළිබඳව බිය විය යුතු නැත.
මව්කිරි සාමාන්‍යයෙන් ඉබේම කාන්දුවීමක් හෝ ගර්භයට මාස 9ක් පමණ වන විට මිරිකා ඇරීමට බොහෝ මව්වරුන්ට හැකියාව ඇත.
කොලස්ට්‍රම් නම් මෙම කිරි වර්ගය ලා පැහැ වතුර වැනි ද්‍රාවණයකි. මෙහි මේරූ මව්කිරිවලට වඩා ප්‍රෝටීන අධිකව හමුවන අතර මේද හමුවනුයේ සුළු ප්‍රමාණයකිනි.
ප්‍රසුතියෙන් පසු මවගෙන් මේරූ කිරි ස්‍රාවය වීම ආරම්භ වේ.
3. ගර්භණි සමයේදී සම අවපැහැ ගැන්වෙන්නේ ඇයි?
ගර්භණි සමයේදී MSH නම් හෝමෝනය වැඩිවීමකට ලක්වන අතර එය ඍජුවම මවගේ සම අවපැහැ ගැන්වීමට හේතු වේ.
මෙම අවපැහැ ගැන්වීම නාභිය වටා , කිහිලි ප්‍රදේශයේ , තන පුඩු වටා , ධවල රාය , විටපිය යන ප්‍රදේශවල සුලභවම සිදු වේ.
එමෙන්ම මුහුණේ අපිච්ඡදයේ මෙලනින් තැන්පත් වීම නිසා අව පැහැ ගැන්වේ. මෙය බහුලවම කම්මුල්වල සිදු වුවත් මුහුණ මැද හා පහළ ප්‍රදේශයේදී සිදු විය හැක.
90 % ක් පමණ ගර්භණි කාන්තාවන් සම අවපැහැ ගැන්වීමට ලක් වේ.
අවශ්‍ය නම් සුදුසු හිරු ආවරණ ආලේපයක් ගැල්විය හැක.
මෙලෙස අවපැහැ ගැන්වීම ගර්භණි සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා සිදු වන බැවින් ප්‍රසුතයක් සමග මෙම තත්වය මග හැරී යයි.
4. ගර්භණි සමයේදී වෙනස්කම් ඇති වේද?
ගර්භණි මව්වරුන්ගේ ඇතැම් විට ඇස් වියළි විය හැක.
එමෙන්ම දෘෂ්ටි ත්‍රිව්‍රතාවයේ වෙනස්කම් සිදුවීමද වාර්තා වී ඇත.
ගර්භණි සමයේදී බොහෝ දුරට දුර බැලීමට හැකි ලෙස දෘෂ්ටි ත්‍රිව්‍රතාවය වෙනස් වන බව සොයා ගෙන ඇත.ගර්භණි සමයේදී කුරුලෑ බහුල වන්නේ ඇයි?
ගර්භණි වීමට පෙර කුරූලෑ සඳහා ගත් ඖෂධ ගර්භණි වීමත් සමග නැවතුයේ නම් එම තත්වය වැඩි වීමත් දක්නට ලැබිය හැකි අතර මෙය ගර්භණි වීම නිසාම ඍජුවම ඇතිවන්නක් නොවේ.
බොහෝ කාන්තාවන්ගේ කුරූලෑ තත්වය වැඩි වුවත් 1/3 ක් පමණ වු පිරිසකට එය සුව අතට හැරීමක්ද දක්නට ලැබිය හැක.
ගර්භණි සමයේදී වැඩිවන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා සමේ සිනේහස්‍රාවි ග්‍රන්ථිවලින් වැඩිවශයෙන් ස්‍රාවය වීමක් දක්නට ලැබේ.
ඇතැම් කාන්තාවන්ට ප්‍රසුතියෙන් පසුව ප්‍රථම වරට කුරුලෑ ඇති විය හැක.
සම තෙත් ගතියකින් පවත්වා ගැනීමෙන් මෙම තත්වය පාලනය කළ හැක. ඖෂධ අවශ්‍ය යැයි හැගේ නම් වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත් වේ.
එරිත්‍රොමයිසීන් ක්ලින්ඩමයිසීන් වැනි ආලේපන හා මුඛ මාර්ගයෙන් ගන්නා එරිත්‍රොමයිසීන් ගර්භණි සමයේ භාවිතය ආරක්ෂිත වේ.
ගර්භණි සමයේදී ටෙට්‍රසයික්ලීන් භාවිත නොකළ යුතුවේ.
එමෙන්ම මුහුණ හොඳින් පවිත්‍ර කිරීමේදී වැගත් වේ.
5. ගර්භණි සමයේදී පෙර පැවතී හිසරදය වෙනස්වේද?
බොහෝ කාන්තාවන්ගේ හිසරදය ගර්භණි සමයේදී වෙනස් වීමකට ලක් නොවේ. ඇතැම් කාන්තාවන්ට මෙය උත්සන්න වීම හෝ සුව වීම සිදු විය හැක.
මිග්‍රේන් නම් තත්වය ගර්භණි සමයේ සිදුවන ඊස්ට්‍රජන් හෝමෝන වැඩි විම නිසා සුව වීමක් දක්නට ලැබේ.
ගර්භණි සමයේදී විශේෂයෙන්ම පළමු සති 14 තුළදී හිසරදය පාලනය කරන ඖෂධ භාවිතය සිමා කළ යුතු වේ.
ඖෂධය භාවිත කිරීමට පෙර මානසික පීඩාකාරි තත්ව ඉවත් කිරීම මානසික සැහැල්ලු බව ඇතිකිරිම සුදුසු ව්‍යායාම් කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.
6. ගර්භණි සමයේදී පිත්තාශය රෝග තත්ව ඇති වීම බහුලවම සිදුවේද?
ගර්භණි සමයේදී පිත්තාශයේ රෝග බහුලවම හමු වේ.
පිත්තාශයේ ගල් ඇති විමට ඊස්ට්‍රජන් මට්ටම වැඩිවීම හේතු වේ. එමගින් පිත්තාශයේ ඇති පිතේ කොලොස්ටරෝල් සාන්ද්‍රණය වැඩි කරන අතර එමගින් පිත්ත ගල් අතිවීම වැඩි අවදානමකට ලක් කරනු ලැබේ.
7. ගර්භණි සමයේදී අක්මා රෝග සුලබව ඇතිවේද?
ගර්භණි සමයේදි අක්මා රෝගවල රෝග ලක්ෂණ බහුලව පෙන්නුම් කළද ( රුධිරයේ ඇල්බියුමින් මට්ටම අඩු වීම, කොලොස්ටරෝල් හා ඇල්කලයින් ෆොස්ෆටේස් මට්ටම වැඩිවීම වැනි ) ඉන් මෙවැනි මව්වරුන් අක්මා රෝගවලට සුලභව ගොදුරු නොවන බව දැන ගත යුතු වේ.
8. ගර්භණි සමයේදී හිසකෙස්වල සිදුවන වෙනස්කම් මොනවාද?
· ගර්භණි සමයේදී ඇගේ ඇති රෝමවල හා හිස් කෙස්වල වෙනස්කම් බහුලවම සිදු වේ. ඇතැම් මව්වරුන්ගේ ඇගේ රෝම වැඩිම වැඩි වශයෙන් සිදුවීම දක්නට ලැබිය හැක.
එමෙන්ම හිස්කෙස්ද දිගු වීමක්ද සිදු වන අතර නව හිස කෙස් ඇති වීමට පැරණි හිස කෙස් ගැලවී යාමද දැක ගත හැක.
ප්‍රසුතියෙන් පසු හිස්කෙස් බහුලව ගැලවීයාමක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි.
සාමාන්‍යයෙන් දිනකට හිස්කෙස් 60 – 100 ක් පමණ ගැලවී යන අතර මෙය සාමාන්‍යයෙන් මාස 1 – 5 ක් පමණ කාලයකදී යථා තත්වයකට පත්වේ.
මෙම හිස කෙස් ගැලවී යාම බොහෝ දුරට සිදුවනුයේ හිසේ ඉදිරි පස හා දෙපස ප්‍රදේශයේය.
මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තවම සොයා ගෙන නැත.
9. ගර්භණි සමයේදී නින්ද ලබා ගන්නා රටාවේ වෙනස්කම් සිදුවන්නේ කෙසේද?
නින්දට බාධා පැමිණිමට පහත කරුණු හේතු විය හැක.
ඉරියව්වේ අපහසුතා
ගර්භ සංකෝචන
කකුලේ මස් පිඩු පෙරළීම.
ආමාශගත ද්‍රව්‍ය ඉහළට ඒම.
මුත්‍රා කරන වාර ගණන වැඩි වීම.
නින්ද විටින් විට බාධා වීමෙන් රටාව වෙනස්වීමක් දක්නට ලැබේ.
සාමාන්‍යයෙන් නිදා ගැනීමේ අවශ්‍යතාවය පළමු සති 28 දී වැඩි වුවත් එය ඉන්පසු අඩු වීමකට ලක්වේ. එමෙන්ම නින්දේ ගුණාත්මක වෙනස්කම්ද ගර්භණි සමයේදී සිදු වීම සාමාන්‍යයෙන් සිදුවීමකි.
10. ගර්භණි සමයේදී බර කොපමණ වැඩිවිය යුතුද?
ගර්භණි සමයේදී වැඩි විය යුතු බර ප්‍රමාණය ගර්භණි වීමට පෙර මවගේ බර මත තීරණය වේ.
බර අඩු මවක් සාමාන්‍යයෙන් රාත්තල් 28 – 40 ක ප්‍රමාණයක බර වැඩිවීමක් ගර්භණි සමයේදී සිදු විය යුතුය.
සාමාන්‍ය බරින් යුත් මවකට රාත්තල් 25 – 35 ත් අතර ප්‍රමාණයක් බර වැඩි වීමක් අවශ්‍ය වේ
වැඩි බර සහිත මවක් ගර්භණි සමයේදි රාත්තල් 15 – 25 ත් අතර බර ප්‍රමාණයක වැඩිවීමක් ගර්භණි සමයේදී සිදුවිය යුතුය.
ස්ථුල බවින් පෙළෙන මවකගේ ගර්භණි සමය තුළදී බර වැඩිවිය යුත්තේ රාත්තල් 11 – 20 ක් පමණ වු ප්‍රමාණයකිනි.
ඉහත බර වැඩිවීමේ දක්වා ඇත්තේ ගර්භාෂයේ එක් භ්‍රෑණයට පමණක් සිටින විටය. භ්‍රෑණ දෙකක් හෝ වැඩි ගණනක් ගර්භාෂයේ ඇති විම මීට වඩා බර වැඩි වීමක් සිදු වේ.
11. පියාගේ වයස වැඩිවීමෙන් දරුවාට අංග විකල තත්ව ඇති විය හැකිද?
මවගේ වයස වැඩිවන විට දරුවාට අංග විකලතා ඇතිවීමේ අවදානම වැඩි වුවත් එලෙස පියාගේ වයස වැඩි වීමෙන් මෙවැනි තත්වයක් වන බව තවමත් සොයා ගෙන නැත.
පුරුෂයන් වයසට යත්ම ඔවුන්ගේ ශුක්‍රාණුවල විකෘති තත්ව ඇති වීම වැඩි නමුත් එවැනි ශුක්‍රාණු වලට ඩිම්බ සංසේචනය කිරීමේ හැකියාව නොලැබී යයි.
12. ගර්භණි සමයේදී මව විසින් ආසන පටි පැළදිය යුතුද?
ගර්භණි සමයේදී ආසන පටි පැළදීම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුත්තකි. අනතුරකදී ආසන පටියෙන් දරුවා හිරවීමෙන් ඇතිවන හානියට වඩා මවට විය හැකි අනතුරු වල බරපතල බව ඊට වඩා වැඩිය.
ආසන පටි උකුල ඇට හරහා ගර්භණි උදරයට පහළින් පැළදිය යුතු වේ. උරහිසට දමන පටිය පියයුරු මැදින් හා ග්‍රීවා අස්ථිය මැදින් උරහිසට පැත්තකින් දැමිය යුතු වේ.
බද මල්ලෙන් ගර්භණි සමයට හානියක් සිදු නොවන බව හැගී නැතත් එම වා මල්ලට අඩි 10 කට ඇතින් ගර්භණි මවගේ උදරය තබා ගැනීම යෝග්‍ය වේ.
13. ගර්භණි සමයේදී දුර ගමන් සිමා කළ යුතුද?
දිගු කලක් ඉදගෙන සිටීමෙන් කකුල්වල ශිරාවල රුධිර ගලනය අඩුවේ. පැය දෙකකට වරක් එබැවින් කකුල් චලනය කිරීම වැදගත් වේ.
14. සම ඇදීමෙන් සිදුවන සලකුණු වළක්වා ගන්නේ කෙසේද?
මෙම සලකුණු වළකාවා ගැනීම සිදු කළ නොහැක.
මෙම සලකුණු ඇතිවන ප්‍රමාණය ජානමය සාධක මත තීරණය වේ.
මෙම සලකුණු සාමාන්‍යයෙන් ඇතිවන්නේ බර ඉක්මනින් අඩු වුවිට හෝ වැඩි වූ විටය.
එය කාලයත් සමග රිදී පැහැයට ලක්වන අතර සාමාන්‍ය සමේ පැහැයට පත් නොවේ.
මුල් කාලයේදී සලකුණුවලට ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වය අඩු කර ගත හැක.
15. ගර්භණි මව්වරුන්ට දත්ත වෛද්‍යවරයකු හමුවිය හැකිද?
ගර්භණි සමයේදී දත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ.
ගර්භණි සමයේදී විදුරුමස් සාමාන්‍යයෙන් ඉදිමෙන අතර ඉතා පහසුවෙන් සිරිමද ලේ ගැලිය හැක.
දත්වල කුහර, ආසාදන ආදිය ප්‍රතිකාර අවශ්‍ය නම් දත්ත වෛද්‍යවරයාට ඔබ ගර්භණි බව පැවසීම වැදගත්වේ.
බොහොමයක් ස්ථානීය නිර්වින්දන හා ප්‍රතිජීවක ගර්භණි සමයේදී ආරක්ෂිත ලෙස භාවිත කළ හැක.
එක්ස් කිරණ පරික්ෂාව අවශ්‍ය නම් පමණක් ගත යුතු අතර එම අවස්ථාවලදී උදරය ආවරණය කර ගැනීම වැදගත් වේ.
එක්ස් කිරණ වලට ගර්භණි මව විසින් වැලකිය යුත්තේ ගර්භය තුළදී එක්ස් කිරණවලට ලක්වු භ්‍රෑණ ළග කාලයේ පිළිකාවලට භාජනය වීමට හැකියාවක් ඇති බව හඳුනා ගෙන ඇත නිසාය.
16. ගර්භණි සමයේ මුත්‍රා ආසාදන වැඩිවන්නේ ඇයි?
ගර්භණි සමයේදී මුත්‍රාවල බැක්ටීරියා හමුවීම බහුලවම සිදුවේ. මෙය ගර්භණි නොවන මවකට රෝග ලක්ෂණ රහිතව සිදුවන්නේ නම් ඉබේම සුව වීමකට ලක්වේ.
මුත්‍රාවාහිනි විස්තාරණය වීම, මුත්‍රාශයෙන් මුත්‍රාවාහිනිවලට මුත්‍රා නැවත පැමිණිම, මුත්‍රාවල ඇති ප්‍රතිබැක්ටීරියාකාරක ක්‍රියාකාරිත්වය ගර්භණි සමයේදී අඩුවීම මීට හේතු ලෙස දැක්විය හැක.
එමෙන්ම ගර්භණි මව්වරුන්ට මුත්‍රා ආසාදන වැළදුණු විට වෙනත් පුද්ගලයන් පෙන්වන රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැම් විට රෝග ලක්ෂණ නොපෙන්වීමද දක්නට ලැබේ.
17. ප්‍රසුතියෙන් පසු ගර්භාෂයට නැවත යථා තත්වයට පත්වන්නේ කුමන කාලයකට පසුද?
ගර්භාෂය ගර්භණි වීමට පෙර තිබු විශාලත්වයට පත්වීමත් ප්‍රසුතියෙන් සති 6 කට පමණ පසු සිදුවේ.
මෙම ක්‍රියාවලියේදී මවට ගර්භ සංකෝචනය දැනීමත් සිදුවේ. විශේෂයෙන්ම මෙම දැනීම මව් කිරි දෙන විට ඇති විය හැක.
(සැකසුම - දිල්රුක්ෂි )

إرسال تعليق