ප්‍ර-මේ දවස්වල අලුත් තොරතුරු මොනවද?
පි-නාලක විතාරණගේ චිත්‍රපටයේ රූගත කිරීම්
අවසන් වුණා .මේ අවුරුද්දේ හැමෝටම බලන්න පුළුවන් වෙයි.තවත් නිර්මාණයකට සම්බන්ධවෙන්න
සුදානමි වෙනවා.
ප්‍ර- මැණික් විජේවර්ධන කියලා කවුරුත් දන්න
ඔබේ ඇත්ත නම මොකද්ද?
පි-මැණික් කියන්නේ ගෙදර අය.නම තිලංකා
ලක්මිණි විජේවර්ධන.දැන්නම් කවුරුත් අදුණන්නේ මැණික් කිව්වම
ප්‍ර- කලා කටයුතු වලට අමතරව
මොනවද තොරතුරු?
පි- තාත්තාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධවෙලා
උදව් කරනවා
ප්‍ර- පවුලේ තොරතුරු මොනවාද?
පි-නංගිලා තුන් දෙනයි, මල්ලියි, අම්මයි, තාත්තයි
ප්‍ර- පදිංචිය කොහේද?
පි- තලවතුගොඩ
ප්‍ර-ගෙදර අයගෙන් ඔබේ රගපෑම් ගැන වැඩිපුරම
කතා කරන්නේ කවුද?
පි-ක්ෂේත්රයට මුලින්ම එද්දී නම් අම්මා
,තාත්තා පොඩ්ඩක්වත් කැමැති වුණෙ නැහැ . දැන් නම් අකමැත්තක් නැහැ. ආච්චි තමයි ඉතින්
එදා ඉදලම ගොඩක් ආස මං රඟපානවට මගේ හොද නරක එයා කියනවා.
ප්‍ර- ඉගෙනගත්ත පාසල කොහෙද?
පි-අන්තිමට ගියේ රත්නපුර කොන්වට් එකට.අම්මා
ගුරුවරියක් නිසා අපිට එයා යන යන තැන්වලට යන්න සිද්ධවුණා.
ප්‍ර-මේ වෙද්දි නිර්මාණ කීයකට විතර සම්බන්ධ
වුණාද?
පි- චිත්‍රපට හතරක් විතරයි, තව ජනිත් වික්‍රමගේ
ගේ මිනිස්ටාර් වේදිකා නාට්‍යට සම්බන්ධ
වුණා.
ප්‍ර-ඒ නිර්මාණ අතරින් වැඩැපුරම කැමැති
චරිතයක් තිබුණද?
පි- ‘‘අනිත්‍යා චිත්‍රපටයේ‘ කෞෂිගේ චරිතයට ගොඩක්
කැමැතියි.අනික ඒ සිදුවීම සැබෑ සිදුවීමක්
ප්‍ර-මෙතෙක් රඟපාන්න නොලැබුණ රඟපාන්න කැමැති
චරිතයක් තියෙනවද?
පි- ගැමි චරිතයක් කරන්න ගොඩක් ආසයි
ප්‍ර-චිත්‍රපට වලට විතරක් සම්බන්ධ වෙන්නේ
ඇයි ?ටෙලි නාට්‍ය එපා වෙලාද?
පි-අපෝ නැහැ.මට ගොඩක් වෙලාවට චිත්‍රපට වලට
වඩා ටෙලි නාට්‍ය වලට තමයි ආරාධනා ලැබෙන්නේ. චිත්‍රපට වලට විතරක් සම්බන්ධ වෙනවා
කියලා දැනට තීරණය කරලා තියෙන්නේ .
ප්‍ර- ඔබ රගපාන්න කලින් නිරූපිකාවක් ?නිලියක්
වෙන්න හීනයක් තිබුණද?
පි- නිරූපනයට සම්බන්දවෙලා හිටියා.ඒත් වැඩි
කාලයක් කලේ නෑ.රඟපෑම වුණත් නිලියක් වෙනවාම
කියලා අරමුණකින් ඇවිත් සිද්ධවුණ දෙයක් නෙවෙයි.මං හිතන්නේ මගේ වාසනාව දක්ෂතාව එක්ක
ලැබුණ අවස්ථාවක් මේ .මං ගොඩක් ආසාවෙන් කරන දෙයක් මේ
ප්‍ර-ඉස්සරහට යද්දි කැපිලි කෙටිලි
කටකතා නැද්ද?
පි-මේ වගේ ක්ෂේත්රයක ඒ දෙවල් නම් සාමාන්‍යයයි.ඒ
හැමදේටම සුදානම් වෙන්න ඕනි අපි.ඉස්සර නම් මං ගොඩක් හිතුවා ඒ දේවල්. ජනප්‍රිය වෙන්න ඕනි කියලා හීනයක් නෑ , මං වැඩි
පුර නිර්මාණ පස්සේ එලවන්නේ නැති නිසා වෙන්නැති එහෙම ප්‍රශ්න අඩුයි.
ප්‍ර-මැණික් කියන්නේ සැබෑ ජීවිතේ මොනවගේ
චරිතයක්ද?
පි-බොහොම සරල විදියට ජීවත් වෙන්න කැමැති
කෙනෙක්
ප්‍ර- සැබෑ ජීවිතේ ආදරවන්තියක් ?ඒ ගැනත්
කියමු නේද?
පි- ලබන වසරේදී විවාහ වෙනවා.එයා ව්‍යාපාරික
ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක්.කවුද කියලා අපි දැන්ම
නොකියා ඉමු නේද?
ප්‍ර- ඉදිරි බලාපොරොත්තු මොනවද?
පි- විශේෂයෙන් මේ දේ කරනවා කියලා
බලාපොරොත්තුවක් නෑ.බාර අරගෙන තියෙන නිර්මාණවල වැඩකටයුතු සිද්ධ වෙනවා.හොද නිර්මාණ
ලැබුණොත් භාර ගන්නවා
(දිල්රුක්ෂි ග්‍රේරු)