වාද්දුව පොතුපිටියේ ඩිලාන් ගෞතමදාස වර්තමාන තරුණ පරම්පරාව අතරට පැමිණි ආධුනික ගීපද රචකයෙකි.සංගීතය සඳහා වු දැඩි ඇල්ම නිසාම පාසල් අවදියේ සිටම ගීපද රචකයකයකු ලෙස සිය දස්කම් පෙන්විමට උපන් හපනෙක් විය.
පානදුර
ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඩිලාන් පාසල් කාලයේදී පද , ගීත
නිර්මාණය කරමින් තරගවලින් ජයග්‍රහණ පවා ලබාගත්තේය. සංගීත ක්ෂේත්රයේ මෙතෙක් දුර
සඳහා ඔහු මං විවරකරගෙන ඇත්තේ පාසල් දිවියේදී ලද අත්දැකීම්,ජයග්‍රහණය නිසාය.
වර්තමානයේ රැල්ලට යන
සංගීතයෙන් විරහ ගීත, ඩිලාන් පවසන අයුරින් මල් සින්දු රචනා කිරීමෙන්
වැළකී අරුතක් හා රසවිදිය හැකි ගීත නිර්මාණ තුළින් රසික හදවත් වලට ආමන්ත්‍රණය කිරීම තමන්ගේ අරමුණ බව ඩිලාන් සඳහන් කළේය.
මේ වන
විට තමන්ගේ ගීත නිර්මාණ 18 ක් එළි දක්වා ඇති අතර ඔහුගේ නවතම පද රචනය වන ‘ශුංගාරී
‘ ගීතයට හඬ එක් කරනුයේ ගායන ශිල්පී රහල් අල්විස්
විසිනි.එමෙන්ම ගායන ශිල්පිනී ජින්ජර් ගේ
නවතම ගිතය වන දුක දන්නේ නම් ගීතයද
ඩිලාන්ගේ පද රචනයකි. බ්‍රයන් රෝස් ගයන කාලයක් නෙතු නොවසා සදුන් තාරක ගයන ‘මගේ සුදු අම්මා‘
නම් ගිත ඩිලාන් ගෙතු පදවැල් අතර කිහිපයකි.
සාර්ථක
ගිපද රචකයකු ලෙස රසිකයින්ට හොද නිර්මාණ ලබා දෙන්නට උත්සාහ කරන ඩිලාන් තමන්ගේ සංගිත
ජිවිතේ ඉදිරිය වගේම නිර්මාණ පිළිබඳව අප සමඟ අදහස් දැක්වුවා.
සංගීතය
වෙනුවෙන් මං මෙතෙක් ආව ගමන ගැන ලොකු සතුටක් තියෙනවා.ඇතැම් ගීත අවසානය දක්වාම නිර්මාණය කරන්න අවස්ථාව
ලැබුණේ මගේම නිෂ්පාදන ආයතනය වන ‘ඞී ප්‍රඩක්ෂන්‘ ආයතනය හරහා. ඉදිරියේදී වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක්
තියෙනවා. ඒ වගේම කියන්න ඕනි සංගීත ක්ෂේත්රයේ
මගේ වීරයින් දෙන්නෙක් තමයි ගායන ශිල්පීන් දෙදෙනකු වන චාමර වීරසිංහ සහ සංගීත් වික්‍රමසිංහ.ඔවුන්
දෙදෙනා වෙනුවෙන් ගීත නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුවක් ඉදිරියේදී එ දේ
සිදු කරනවා.
එ වගේම
මගේ ඉදිරි අධ්‍යාපන වැඩකටයුතු
වෙනුවෙන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවක්
තියෙනවා ඉදිරියේදී. සංගීත කටයුතු කවදාවත්
අතහරින්නේ නැහැ.සංගිත කියන්නේ සල්ලි හම්බකරන්න තියෙන මාර්ගයක් නෙවෙයි. කලාවේ රසවින්දනයක් වගේම ඊට
එහා ගිය මනුස්සකමක් අපේ හිත්වල තියෙනවා කියන එක මං විශ්වාස කරනවා.
මං
මෙතෙක් ආව ගමනෙදී හැමදාම ශක්තියක් වුණේ මගේ සෙවනැල්ල වුණ අම්මා, තාත්තා. මගේ යාලූවෝ. සහෝදරයෝ මං රචනා කරපු ගීත සංගීතවත් කරපු අධ්යක්ෂවරු, ගායනා කළ ගායන ශිල්පීන් වගේම එනිර්මාණ
ආදරයෙන් බාරගත්ත රසිකයින්ට මං ස්තූතිවන්ත වෙනවා.
(දිල්රුක්ෂි
ගේ‍්‍රරු)