ප්‍ර- ලංකාවට වැඩිය පිටරට ඉන්නේ කියලා ආරංචි වුණා මොකද මේ හැම වෙලාවෙම පිටරට යන්නේ ?
පි- මහත්තයා ඉන්නේ නෙදර්ලන්තයේ ඉතින් එයාව බලන්න තමයි දුවන්නේ.මාසයක් විතර ඉන්නවා ගියාම . මේ වතාවේ අපි දෙන්නම පහුගිය 10 වෙනිදා ලංකාවට ආවේ.
ප්‍ර- තව ටික කාලයකින් ලෝචනා ලංකාව දාලා ගිහින් නෙදර්ලන්තයේම නවතියිද?
අනේ නැහැ.ඉන්න කියලා හිතාගෙන යන අවස්ථාත් තියනවා .ඒත් ඉතින් ඉන්න බැහැ මාසයක් යද්දී ආපහු ලංකාවේ.
ප්‍ර-දැන් ඒ තරම් පේන්න නැත්තේ කලා කටයුතු වලින් ඈත් වෙලාද?
කිසිම දෙයකින් අයින් වෙන්නේ නැහැ.
නිතර පිටරට යන නිසා ගොඩක් ටෙලි නාට්‍යවත් භාර ගත්තේ නැහැ. කරන්න පුළුවන් තරමට භාර ගන්නවා.
පිටරට යද්දි ගොඩක් වෙලාවට අවස්ථාවන් මගහැරෙනවා .ආවම ආයෙමත් පටන් ගන්නවා.
ප්‍ර- ලෝචනා කොහොමද කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ?
නිවේදනයෙන් තමයි මුලින්ම ක්ෂේත්රයට එන්නේ. පහ වසර ඉදලාම මට අවස්ථාවක් ලැබෙනවා ස්වර්ණවාහීනි ආයතනයේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න.උසස් පෙළින් පස්සේ ටෙලි නාටය වලට සම්බන්ධ වුණා. පළමු ටෙලි නාට්‍ය තමයි ‘සෙනෙහෙවන්තයෝ පස්සේ වේදිකාවේ 'සිල්ගත්තු කොක්කු' හා 'දූවිලි' වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. පස්සේ ටෙලි නාට්‍ය ,සිනමාව එක්ක රගපෑමට යොමු වුණා.
ප්‍ර-ඉදිරියෙදී මොනවගේ නිර්මාණවලින් ලෝචනාව දකින්න පුළුවන් වෙයිද?
ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.ඒවගේ වැඩ පටන් ගන්නවා. ඒ වගේම ‘ආලෝකා උදපාදි‘ සහ ‘තුන්වරක් තුන‘ කියන අලුත්ම චිත්‍රපට දෙකින් ළගදීම ප්‍රේක්ෂකයින්ට මාව දකින්න පුළුවන්.
ප්‍ර-ගොඩක් වෙලාවට දකින්නේ කටකාර චරිතයක් විදියට විතරයි එකම චරිතයකට කොටුවෙලා නේද?
කොටුවෙලා කියලා නම් හිතෙන්නේ නෑ.ඒත් ගොඩක් වෙලාවට ඒ වගේ එක් චරිතයක් කලාම ගොඩක් දෙනා ආපහු ඒ වගේ චරිත වලටම කතා කරනවා.මං ටිකක් කටකාර නිසාත් එහෙම වෙනවා ඇති.හැබැයි මම විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා. තවත් වෙනස්ම විදියේ චරිත ලැබෙනවට තමයි මං ගොඩක් කැමති.
ප්‍ර-ඔබ සම්බන්ධ වුණ සිනමා නිර්මාණවලින් වඩා කැමැති වුණ චරිත තියෙනවද ?
මගේ හැම චරිතයකටම කැමැතියි .‘අභිනික්මන සහ ගින්දරී‘ චිත්‍රපට දෙකේ චරිත ඇතුලේ මට යම් දෙයක් කරන්න තිබුණා කියලා හිතෙනවා.ඉතින් ඒ චරිතවලට මං සාධාරණයක් ඉෂ්ට කරන්න ඇති කියලා හිතනවා.
ප්‍ර-රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ,නර්තන ශිල්පිණියක් වගේම නිරූපන ශිල්පිනියක් මේ හැමදේම කොහොමද එක වගේ කරන්නේ?
මං ගොඩක් කැමති නිවේදන ක්ෂේත්රයට , නිරූපණ ක්ෂේත්රයට නම් ලොකු කාලයක් රැදිලා නැහැ.කලින් කළා.රංගනය කියලා වෙනසක් නෑ.ඉතින් ආසාව කැමැත්ත එක්ක කරන්න පුළුවන් ඕන දෙයක්.සමබරව හැමදේම කරනවා.
ප්‍ර -මහත්තයා කියන්නේ නැද්ද රගපාන එක නවත්තලා නෙදර්ලන්තයට එන්න කියලා?
එයත් මේ ක්ෂෙත්රයට සම්බන්ධ කෙනෙක් නිසා එහෙම නීතී දාන්නේ නෑ. මං රගපානවට ගොඩක් ආසයි.ඒ නිසා මට ගොඩක් උදවි කරනවා.
ප්‍ර-ළගදීම ආපහු නෙදර්ලන්තයට යන්න බලාගෙනද මේ ඇවිල්ලා ඉන්නේ?
ළගදීම යැවෙන්නේ නෑ.භාර ගත්ත ටෙලි නාට්‍ය වල රූගත කිරීම් පටන් ගන්න නිසා ඒවා කරන්න ඕනි.ගොඩක් වෙලාවට අප්‍රේල් වගේ යන්නත් ඉඩ තියෙනවා.මහත්තයා නම් ටික දවසක් ඉදලා ආපහු ගියා
ප්‍ර-පදිංචිය කොහේද?පවුලේ විස්තර ටිකක් කියමු නේද?
ගෙදර තියෙන්නේ කිරුලපන,අම්මයි,තාත්තයි,නංගි,අක්කා,මගේ ආච්චී ගෙදර ඉන්නේ.
මේ වැඩවලට ඒ අයගෙන් ලැබෙන සහය කොහොමද ?
අම්මා නමි රගපානවට ඒ තරම් කැමැත්තක් නෑ.මං නිවේදිකාවක් විදියට දකින්න එයා කැමතියි. තාත්තා අකමැත්තක් නෑ.ඒ කොහොම වුණත් ඒ අයගෙන් දැන් ලොකු සහයක් ලැබෙනවා.
ප්‍ර-මේ ආව ගමන ගැන සතුටු වෙන්න පුළුවන්ද? ඉදිරිය මොන වගේ වෙයිද?
මේ වෙද්දී නම් බලාපොරොත්තු හැමදේම වගේ සාර්ථකයි.ඉතින් සතුටු වෙන්න පුළුවන්,ඉදිරියේදී ලොකු වෙනසක් වෙයිද කියන්න බැහැ.ඉදිරියේදී බලමු නේද?