මුතු කැට
වන් අහිංසක සිනහවෙන් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක දිනාගැනීමට
සමත් වු ඇය ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය
වුණ චරිතයක්. ඒ වගේම කාලයක් ඇය ප්‍රසංග
වේදිකාවේ නැතුවම බැරිවුණ ගායිකාවක් වුණා . ඇය ඔබ ආදරේ කරන රංගන ශිල්පිනි මුතු තරංගා . දැන් ටිකක් නිහඩ චරිතයක් වෙලා නිසා
අපි මුතුගෙන් ඇහුවා මේ දවස්වල මොකද කරන්නේ කියලා?
ප්‍ර- මොනවද අලුත්
තොරතුරු?
පි- ටෙලිනාට්‍ය හතරක
විතර රූගත කිරීම් සිදු වෙනවා. ඒ දේවල් වලට
තමයි සම්පුර්ණම
කාලේම වැය වෙලා තියෙන්නේ.පොඩි අවිවේකයක් එක්ක හොදින් කාලේ ගෙවෙනවා.
කාලේම වැය වෙලා තියෙන්නේ.පොඩි අවිවේකයක් එක්ක හොදින් කාලේ ගෙවෙනවා.
ප්‍ර-මේ දවස්වල පුංචි
තිරයේ වැඩිය දකින්න නැහැ ළගදි රගපෑවේ නැද්ද?
පි-. රූ ගත කිරීම් අවසන් වුණ ටෙලි නාට්‍ය අටක් විතර ලගදී විකාශය වෙන්න තියෙනවා ඒ වාගෙන් ඉදිරියේදී දකින්න පුළුවන් . නිහඩ වෙලාම නැහැ.
පි-. රූ ගත කිරීම් අවසන් වුණ ටෙලි නාට්‍ය අටක් විතර ලගදී විකාශය වෙන්න තියෙනවා ඒ වාගෙන් ඉදිරියේදී දකින්න පුළුවන් . නිහඩ වෙලාම නැහැ.
ප්‍ර-සිනමාවට
,වේදිකාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
පි- සිනමාවට නම්
දායකත්වය ලබා දෙනවා.හැබැයි ‘ගාමිණි ‘ චිත්‍රපටයට පස්සෙ කිසිම දෙයකට සම්බන්ධ
වුණේ නැහැ.මොකද සිනමාව ටෙලි වලට එහා ගිය බැරැරුම් දෙයක්. යම් යමි සීමා තියෙනවා, ඒ වගේම ගැටළු තියෙනවා, ඉතින් ආරාධනා ලැබුණත් මෑතකදි චිත්‍රපට තුනකට බැහැ කියලා කියන්න වුණා.
වුණේ නැහැ.මොකද සිනමාව ටෙලි වලට එහා ගිය බැරැරුම් දෙයක්. යම් යමි සීමා තියෙනවා, ඒ වගේම ගැටළු තියෙනවා, ඉතින් ආරාධනා ලැබුණත් මෑතකදි චිත්‍රපට තුනකට බැහැ කියලා කියන්න වුණා.
වේදිකා නාට්‍ය නම් කරන්න මං ගොඩක් ආසයි. එන්න කියලා කතා කලා.
නමුත් මේ වෙනකල් කිසිම වේදිකා නාට්‍යකට රගපාන්න බැරි වුණා. එක පැත්තකින් ඒක මගේ
අවාසනාවක් වෙන්න ඇති කියලා හිතෙනවා.
ප්‍ර- පවුලේ
විස්තර ටිකක් කියමු නේද?
පි- නංගියි ,අම්මයි,තාත්තයි ඉන්නනේ.නංගි විවාහකයි බබාලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර ඉන්න වෙලාවට ඒ අය එක්ක කාලේ ගෙවෙනවා.
පි- නංගියි ,අම්මයි,තාත්තයි ඉන්නනේ.නංගි විවාහකයි බබාලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර ඉන්න වෙලාවට ඒ අය එක්ක කාලේ ගෙවෙනවා.
ප්‍ර- පදිංචිය කොහේද?
පි- කඩවත
ප්‍ර- රංගනයට අමතර ඔබේ
ගීතයක් අපිට ලගදි අහන්න පුළුවන් වෙයිද?
පි-මෑතකදි නම් අලුත්
ගීත කලේ නැහැ.කලින් කරපු දේවල් විතරයි.අයේ අලුත් දෙයක් කරනවා කියලා අදහසක් තවම
නැහැ.
ප්‍ර-
රංගනයෙන් දායක වුණ පළමු ටෙලි නාට්‍ය
මොකද්ද?
පි- සෙනේෂ් දිසානායක
බණ්ඩාරගේ ‘පුලීන ප්‍රාසාද‘
ප්‍ර- මෙතෙක් රඟපෑ
චරිත අතරේ වැඩි කැමැත්තක් දක්වන චරිතයක් තියෙනවද?
පි- සංජීව ගුණවර්ධනගේ
‘ඉහිරුණ කිරි‘ කියන ටෙලි නාට්‍යයේ ‘පියුමි‘ගේ චරිතයට ගොඩක් කැමැතියි.එහිදී මාව
ඇගයීමට ලක්වුණා.හොදම නිලියටත් නිර්දේශ වුණා .මගේ ඉදිරි ගමනේදී එය විශාල ශක්තියක්
වුණා කියලා හිතෙනවා.
ප්‍ර- ක්ෂේත්රයේ
හැදෙන කටකතා කැපිලි කෙටිලි ගැන මොකද හිතෙන්නේ?
ප්‍ර- ඒ දේවල් නම් මේ
ක්ෂේත්රයේ විතරක් නෙවෙයි හැම තැනම සාමාන්‍ය සිදුවීමක් විතරයි.මම නම් ගොඩක් වෙලාවට
තැනකට ගියත් ගොඩක් වෙලාවට හිතනවා දහසක් මගේ ඇස් දෙකක් තිබුණට දහසක් දෙනා බලන්
ඉන්නවා කියලා.මම නම් දන්නේ නෑ මට හැදෙන කට
කතා ගැන. ඒ දෙවල් වලින් වැලකෙන්නයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. කිසිම දෙයක් මම නම්
වැඩිය ගණන් ගන්නේ නැහැ.
ප්‍ර-කොහොමද ක්ෂේත්රයේ
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය?
පි- මේ ආව
ගමනේදී මට වැඩ කරන්න ලැබුණ ගොඩක් ප්‍රවීන අයගෙන් ලොකු සහයක් ලැබුණා. නොදන්න දේවල්
මේ මේ විදියට කරන්න කියලා ඒ අය අහන දේවල් පවා හොදට කියලා දෙනවා. මමත් ගොඩක් ඒ අයට
ගරු කරනවා. මොකද අපි අද මේ ඉන්නේ ඒ අය අරගෙන ආව දේ නිසා. අපි ඒ දේවල් රකින්න ඕනි.
ඒ අය නිසා තමයි අපේ පැවැත්ම තියෙන්නේ කියන දේ මං ගොඩක් හිතන දෙයක්.ඒ අය එක්ක වැඩ
කරන්න ලැබීම ලොකු වාසනාවක්.
ප්‍ර- මෙතෙක් රගපාන්න නොලැබුණ
අවස්ථාවක් ලැබෙනවනම් කැමැති චරිත තියෙනවද?
පි- නොලැබුණ චරිතයක්
කියලා නැහැ. විවිධ චරිත කළා නමුත් ‘වසුදා ‘ටෙලි නාට්‍යයේ නම් නපුරු චරිතයක් කළා. ඒත්
දැන්නම් ගොඩක් වෙලාවට පෙම්වතිය,අක්කා කියන චරිතයට විතරයි සිමා වෙන්නේ .සමහර විට ඒ
මගේ පෙනුම එක්ක තීරණය වෙන දෙයක් වෙන්න ඇති. මං ගොඩක් කැමැති නපුරු චරිතයක් වගේම
වෙනස්ම විදිහේ තව චරිත ලැබෙනවනම්.
ප්‍ර-පෞද්ගලික ජීවිතේ
වෙනසක් කරන්න ලගදී සුදානමක් නැද්ද?
පි-වෙනසක් නම් වෙයි. ඒත් ලගදීම කියන්න බැහැ.
ප්‍ර- ඉදිරි
බලාපොරොත්තු ගැනත් කියමු ?
පි- විශේෂ කියලා නැහැ
ඉතින්. මේ වැඩ කරගෙන ක්ෂේත්රයේ හැමෝම එක්ක හොදින් ගෙවන එත තමයි ලොකුම
බලාපොරොත්තුව