ලෝකයේ සැබෑවීරයින්, වීරවරියන් පිළිබදව ඉතිහාස කතාවන්හි මෙන්ම වර්තමානයේද අප අසා ඇත්තෙමු.
ඔවුහු සිය වගකීම්, යුතුකම් වෙනුවෙන් නීර්භිතව ඉදිරිපත් වී ඒ වෙනුවෙන්ම සිය ජීවිත පරිත්යාතග කළ අවස්ථාද බොහෝය.එසේම සිය එඩිතරභාවය වෙනුවෙන් ඔවුන් ඇගයුම් ද ලැබු හ.
වීර කතා වල බොහෝ විට අපිට හමු වනුයේ වීරයින් පමණි.නමුත් සිය වගකීම්,යුතුකම් වෙනුවෙන් සිය ජීවිතය පුද කළ සැබෑ වීරවරියක් පිළිබදවයි මේ සටහන.
ඉන්දියාවේ මුම්බායි නුවර ජිවත් වු මාධ්‍යවේදී හරීෂ් භානෝ සහ රාමා භානෝ මහත්මියගේ දියණිය ලෙස 1963 සැප්තැම්බර් 7 වැනිදා ඉන්දියාවේ චන්දිගාර් නුවරදී උපත ලද අපේ කතාවේ වීරවරිය ‘‘නිර්ජා භානෝ ය.
චන්දිගාර් නුවරම පාසලකම මුලික අධ්‍යාපනය හැදැරූ ඇය පාසල්නි අධ්‍යාපනය කරමින් මුම්බායි නුවර ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලයේ පාධිධාරිනියක් ලෙස සිය අධ්‍යාපනය කටයුතු නිම කරන්නීය.
මනා රූ සපුවකින් හෙබි ඇය අධ්‍යාපනය කටයුතු නිම වෙද්දීම ඉන්දියාවේ චාරිත්‍ර අනුව මව්පියන්ගේ යෝජනාවක් මත පුවත්පතක පළ වු මංගල යෝජනාවක් හරහා 1985 දී විවාහ දිවියට පිවිසි අතර නිරූපණ ඒජන්සියකට සම්බන්ධ වී නිරූපිකාවක් ලෙසින් කටයුතු කළාය.
නමුත් නිරූපිකාවක් ලෙස සිය බිරිදව දකින්නට අකමැති වු ඇගේ සැමියා ඇයට දැමු තද බල කොන්දේසී හා නිග්රතහ විදදරාගැනීමට නොහැකිව කෙටි කාලයකින්ම විවාහ ජීවිතය අවසන් කළ නිර්ජා සිය මව්පියන් සමඟ යළි සිය ජිවිතය පටන් ගත්තාය.
නිරූපිකාවක් ලෙසින් ක්ෂේත්රවයේ රැදි සිටි ඇය ඒ අතරතුරදී ලෝක ප්රසසිද්ධ පෑන් ඈම් (Pan Am)ගුවන් සමාගමේ ගුවන්සේවිකාවක් ලෙසින් සම්බන්ධවුණ ඇය ඇමෙරිකාවේ ‘‘මියාම්‘‘ නුවරදී ගුවන් සේවිකාවක් ලෙසින් පුහුණුව ලබා බුද්ධිය හා දක්ෂතා නිසා ඉතාම කෙටි කාලයකින් ඔවුන්ගේ ප්ර්ධාන ගුවන් සේවිකාවක් ලෙසින් ඇගේ සේවය ඇරැඹුවා ය.
ඇගේ බලාපොරොත්තු ඉටුවෙමින් ජිවීතේ නවමු හැරවුම් ලක්ෂයක් වු ඇගේ රැකියාව ජීවිතේ අවසානය , මරණය දක්වා තමන් රැගෙන යනු ඇතැයි එදා නිර්ජා සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
නිරූපිකාවක් ලෙසත් ගුවන් සේවිකාවක් ලෙසත් සිය වෘත්තීන් සමබරව සිදු කළ නිර්ජාට 1986 සැප්තැම්බර් 05 වැනිදා සිය ගුවන් සේවයේ අමිහිරිම මෙන්ම ඇගේ අවසන් අත්දැකීමද විදින්නට සිදු විය.දින දෙකකට පසු යෙදෙන සිය 23 වැනි උපන්දිනය සමරන්නට නිවසට යළි පැමිණෙන බලාපොරොත්තුව මව්පියන්ට ලබා දී ගුවන් ගමනට සැරසුණ නිර්ජාගේ දෛවය කිසිවකු නොසිතු අයුරින් එදින වෙනස් විය.
එදින ඇය ප්රනධාන ගුවන් සේවිකාව ලෙස සේවය කළ පෑන් ඈම් සමාගමේ අංක 73 (Pan AmFlight73) ගුවන් යානය පකිස්ථානයේ කරච්චි නුවර අන්තර්ජාතික ගුවන්තොටුපොළින් පිටත් විමට ආසන්නව තිබියදී මගීන් 361 සහ කාර්ය මණ්ඩලයේ 19 දෙනකු සමගින් ලිබියාවේ අබු නිඩාල් ත්රlස්තවාදී කණ්ඩායමේ ත්ර ස්තවාදීන් විසින් පැහැරගැනීමකට ලක්විය.පැමිණි ත්රස්තවාදීන් සිව් දෙනා ගුවන් යනයේ සිටි සියලු දෙනා ප්රාේණ ඇපයට තබා ගෙන සිරගත කර සිටින ඔවුන්ගේ සාමාජිකයින් නිදහස් කරන ලෙස ජාත්‍යන්තරයට බලපෑම් කළේය.
ත්රස්තවාදීන් යානයට ඇතුලු වීමත් සමග ප්‍රධාන ගුවන් සේවකාව වු නිර්ජා ඒ පිළිබදව ප්‍රධාන ගුවන් නියමු කුටියට ඉතා සුක්ෂම අයුරින් එය දැනුම් දීම නිසා ප්‍රධාන ගුවන් නියමු ඇතුලු නියමුවන් තිදෙනාම රහසිගත දොරකින් ගුවන් යානයෙන් පිටව ගියේ සියලු මගීන්ගේ වගකීම නිර්ජාට පවරමිනි.
වයසින් ඉතා ලා බාලම වුවත් යානාවේ සිටි ඊළඟ උසස්ම නිලධාරියා ලෙස ඒ සියලු වගකීම් භාරගත් නිර්ජා නොභියව බුද්ධිය මෙහෙයවා ගත් උපායමාර්ග නිසා යානාවේ සිටි මගින්ගේ හා කාර්ය මණ්ඩලයේ දිවි බේරා ගැනීමට හැකි විය.
වයසින් අඩු නිර්ජා තමන්ට බියෙන් සියලු වැඩ සිදු කරාවි යන හැගීමෙන් යුතුව ත්රමස්තවාදීන් සෑම විටම ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කිරීමට අණ කළේ නිර්ජාටය.සිය බුද්ධිය මෙහෙයවු නිර්ජා මුලින් ත්රස්තවාදීන්ගේ සිත් දිනාගෙන ඉතා සුක්ෂම ලෙස තමන්ගේ මගීන්ගේ ආරක්ෂාව සැලසීමට කටයුතු කළාය.
ත්රස්තවාදීන්ගේ මුලික ඉලක්කය වුයේ ඇමෙරිකා ජාතිකයින් සහ ඔවුන්ගේ සම්පත් පමණි. ගුවන් යානය ඔවුන් නතු කරගෙන සුළු වේලාවකින් ඔවුන්ට හසු වු ඇමෙරිකා ජාතිකයකු වෙඩි තබා ගුවන් පථයට විසී කරදැමුණේ ඒ බව සිහි කිරීමට මෙනි.
ඇමෙරිකානුවන් පහසුවෙන් හදුනා ගැනීමට ත්රස්තවාදීන් ඊළගට කළ උපක්රහමය වුයේ මගීන්ගේ ගුවන්ගමන් බලපත්‍ර සියල්ල එකතු කරන ලෙස නිර්ජාට නියෝග කිරීමයි.නිර්ජා සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සමග එක්වී ඉතා උපක්රමශීලීව යානාවේ සිටි ඇමෙරිකා ජාතිකයින් 41 දෙනාගේ ගුවන්ගමන් බලපත්‍ර සැගවීමට කටයුතු කළ නිසාවෙන් ඔවුනගේ දිවි බේරා ගැනීමට එදා හැකි වී තිබිණි.
මගීන් මරණ බියෙන් යානාව ඇතුලේ කදුලු සලමින් සිටියදී නිර්ජා සිය කාර්ය මණ්ඩලය හා එක්ව මගීන් අස්වැසීම සදහා වතුර,කෝපි,සැන්විච් ආදිය ලබා දීමටත් මගීන් ළගට ගොස් කතා බහ කිරීමටත් ක්රි්යා කළේය. ඇය සිය වගකීම් වෙනුවෙන් ඒ මොහොතේදී නිර්භීතව ක්‍රියා කළේය.
ත්රස්තවාදීන් යානාවේ නියමුවන් ඉල්ලමින් පාලන අංශ වෙත සෑම වේලාවේදීම තර්ජනාත්මක පණිවිඩද මේ අතර නිකුත් කළේය. පැය 17 ක් තිස්සේ දැඩි අවිනිශ්තභාවයෙන් යුතුව ඔවුන් යානාව ඇතුලේ දැඩි කෝපයෙන් හැසුරුණේය. ඒ අතර සිය මගීන් ආරක්ෂා කර ගැනීමට නිර්ජා ඉතා සුක්ෂම අයුරින් බුද්ධිය මෙහෙයවුවාය.
යාන්තම් අදුර වැටී එද්දී ත්රස්තවාදීන්ගේ කෝපය ඉහවහා ගොස් හතරවටේ වෙඩි තියන්නට පටන් ගත්තේය.ත්රදස්තවාදීන්ට ඔවුන්ගේ ඉලක්කය වැරැදී ඇති බව තේරුම් ගත් නිර්ජා කලබල අතරතුරේදී යානාවේ පිටුපස හදිසි පිටවීමේ දොරටුව විවෘත කර එළියට දුවන ලෙස මගීන්ට අණ කළේ කිසිවකුටත් සිතාගත නොහැකි අන්දමිනි.
එදා නිර්ජාගේ හඩ (Get out ran !) යානාවේ සිටි කිසිවකුටත් අදටත් අමතක නොමැති බව ඔවුන් පවසති.
ඒ මොහොතේ නිර්ජාට දොරටුවෙන් පැන දිවි බේරා ගැනීමට අවස්තාව තිබුණද ඇය එසේ කළේ නැත .සිය ජීවිතයට වඩා සිය මගීන්ගේ ආරක්ෂාව පිළබද සිතු ඇය සිය උපරීම වෙහෙස දරා මගින් ඉතා ආරක්ෂිත ලෙස යානාවෙන් එළියට යැවීමට කටයුතු කළ අතර වෙඩි වරුසා මැද්දේ යානාව ඇතුලේ සිටින මගීන් දොරටුව අසලට රැගෙන ඒමට ඇය කටයුතු කලාය.
ඇය සිය වගකීම ඉටු කිරීමට දැඩි ලෙස වෙහෙස වීය.මව්පියන් සොයාගත නොහැකිව අතරමංවු කුඩා දරුවන් තිදෙනකු යානාවේ සිර වී සිටිනු දුටු නිර්ජා ඔවුන් පිටතට රැගෙන එන බව ත්ර්ස්තවාදීන් අහම්බෙන් දුටුවේය. ගත වුයේ නිමේෂයකි. නිර්ජාට සිදුවුයේ වෙඩි වාරුසාවකින් නැහැවෙන්නටය.
ඇය සිය උත්සාය අත්හැරියේ නැත.දරුවන් තිදෙනාගේ ජීවිත බේරා ඔවුන්ව ආරක්ෂිත ලෙස යානාවේ පිටතට තල්ලුකර දැමීය. වෙඩි වරුසාවෙන් නැහැවුණු නිර්ජා සිය 23 වැනි උපන් දිනයට දින දෙකකට පෙර සිය අවසන් හුස්ම පොදවා තලයට මුසු කළේ සිය රාජකාරියේ වගකිම් යුතුකම් වෙනුවෙනි.
නිර්ජා භානෝ ශ්‍රේෂ්ඨ වීරවරියක් ලෙසින් එදා මුළු ලෝකයේම කතා බහට , ගෞරවයට , ඇගයීමට ලක් වු වා මෙන්නම සමස්ථ ගුවන් ක්ෂේත්රයම යටිකුරු කළ දිනයක් බවට පත් විය.
නිර්ජාගේ කතාවේ අවසානය එදා එසේ සනිටුහන් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ආරක්ෂාව සදහා පදනමේ වීරත්වය උදෙසා පිරිනැමෙන සම්මානයත් Flight Safety Foundation Heroism Award 1987, United States), පකිස්තානු රජයෙන් පිදෙන “තම්ඛාඊ ඉසානියාත්” සම්මානයත් (Tamgha-e-Insaaniyat – මිනිස්වර්ගයාවෙතදක්වනකරුණාවන්තභාවයසඳහාසම්මානය)ඇයවෙනුවෙන්පිරිනැමුනාය.
නීර්ජාගේ මාතෘභූමිය වූ ඉන්දියාවේ රජයඇයටපුරවැසියෙකුඋදෙසාවීරත්වයටපිදෙනඉහළමසම්මානයවන “අශෝක්චක්රජසම්මානය” පිරිනමමින්ඉහළතමරාජ්යෙ ගෞරවයලබාදුන්නේය.මෙම සම්මානය ලබා ගත් පළමු කාන්තාව මෙන්ම ලාබාලතම පුද්ගලයා ලෙසින් එදා ඇය ඉතිහාසයට එක් විය.
පසුකාලීනව ඇය වෙනුවෙන් සම්මාන රාශියක් පිරිනැමුණු අතර 2004 වසරේදී ඇයගේ රූපය සහිත මුද්දරයක්ද නිකුත් කෙරුණු අතර ඉනුදියන් ගුවන් සේවයට වසර සියයක් සපිරිනු අවස්ථාවේදී ඇය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක්ද පැවැත්වුණු අතර 2016 වසරේදී ඇගේ නමින් ඉන්දියාවේ චිත්රෙපටයක්ද නිමවිණි.
දක්ෂ නිලියක වන සෝනම් කපුර් නිර්ජාගේ චරිතයට ජිවය ලබා දෙමින් විශිෂ්ඨ රංගනයක නිරතවීමට එහිදී සමත් වී තිබේ.
එදා සමස්ථ ගුවන් සේවයටම ආඩම්බරයක් එක් කළ නිර්ජා භානෝගේ මතකය අදටත් මුළු ලෝකයම සිහිකරනුයේ මහත් ආඩම්බරයකිනි.ඇගේ විර ක්රියාවේ මතකය සිහිපත් කරන්නට නිර්ජා ජීවත්ව නොසිටියත් ඇගේ මතකය කිසි දිනෙක කිසිවකුගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත.
සටහන - දිල්රුක්ෂි ග්‍රේරු