ඔබේ කතා මට තවම ඇසේ
.....
මේ නදී
තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම
පෙනේ.....
මේ ප්‍රේමනීය
හඬ අදත් එදා වගේමයි. ඒ නිසාම
ඇය එදා වගේම අදත් රසික හදවතට සමීපයි. සරල ගී ගායනයෙන් සිය ගායනය ජීවිතයට
අත් පොත් තැබු ඇය ප්‍රවීන ගායන ශිල්පිනි
විශාරද නිර්මලා රණතුංග අපි අහුවා මේ
දවස්වල මොකද කරන්නේ කියලා?
ප්‍ර- මේ දවස්වල අලුත්
තොරතුරු මොනවද?
පි-මගේ ඒක පුද්ගල ගී
ප්‍රසංගය ‘මේ උයන්තෙරේ‘ දිවයිනේ විවිධ
පළාත්වල තියන්න සුදානම් වෙනවා. මේ දවස්වල කිහිප තැනකින්ම ඒ සඳහා ආරාධනා ලැබිලා
තියෙනවා. ඒ වගේම මං සංගීත පන්තියක් කරනවා ඒ දරුවන්ට මේ දවස්වල ඉන්දියානු සංගීත
විභාගය.ඒවට පුහුණුවීම් කරනවා . ඒ වගේම මගේ දුවගේ ගීත ඇල්බමයක් නිකුත් කරන්න
සුදානම් එයාට උදව් කරනවා .දෙරණ නාලිකාවේ ලිට්ල්ස් ස්ටාර් වැඩ සටහනේ විනිශ්චය
කටයුතුවලට ලංකාවේ ගොඩක් තැන්වල යනවා.ඉතින් පොඩි කාර්යබහුලත්වයක් තියෙනවා.
ප්‍ර- සංගීත පන්ති
පැවැත්වෙන්නේ කොහෙද?
පි- නුගේගොඩ මගේ නිවසේ විතරයි දැන් පන්ති කරන්නේ
ප්‍ර- පවුලේ තොරතුරු ගැන කතා කලොත්?
පි- මගේ දුව සෙව්වන්දි
රණතුංග නුවන් රණතුංග ඒ අය විවාහා වෙලා.ඉතින් ඒ අයගේ දරුවෝ මගේ මුනුපුරු මිනිපිරියන් ඉන්නවා., ඒ වගේම මගේ
අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ අම්මයි
තාත්තායි වගේ ඉන්නේ සනත් නන්දසිරි අයියයි මල්කාන්ති අක්කයි.
ඉතින් ඒ අය එක්ක සතුටින් කාලේ ගෙවෙනවා.අපි හැමෝම සහෝදර සහෝදරියන් එකතු වෙලා පහුගිය දවස්වල නත්තල් සැමරුවා. ඒත් මගේ ආදරණිය සැමියා අද අපි එක්ක නැති එක ගැන ලොකු දුකක් හිතේ
තියෙනවා .ඒ හිදැස පුරවන්නනම් කාටවත් බැරි වෙයි.ජිවිතේට තියෙන එකම දුක තමයි ඒ.
ප්‍ර-ඔබේ ප්‍රසංගයන්
පැවැත්වීමට දින වෙන් කරවා ගැනීමට සහ සංගීත
පන්තිවලට සහභාගී වෙනවා නම් කොහොමද ඒ අය
සම්බන්ධ වෙන්නේ?
ප්‍ර-ඇයි කාලෙකින් ඔබේ
ගීතයක් අහන්න නොලැබුණේ?
පි-නව ගීත නිර්මාණ කරලා
මගේ අතින් වියදම් කරගෙන නිර්මාණවලට සම්බන්ධවෙන්න
ඕනි වුණේ නැහැ .දැන් ගීත පටිගත වුණාම
වෙනත් අය ඒවා සී ඩි තැටිවලට හොරෙන් පටිගත කරනවා.ඒ වගේ දේවල් ගොඩක් වෙනවා.මම
නිහඬ වෙලාම නැහැ. මොකද බොහොම අය මං ලවා ගි ගයනා කරවා ගත්තා.ඒ ගීතත් දැන් මා ගාව
තියෙනවා.ඉදිරියේදී ඒ ගීත අහන්න ලැබේවී.
ප්‍ර- සංගීත
ක්ෂේත්රයට ඔබේ පිවිසීම ගැන මතක් කළොත්?
පි- මං
මුලින්ම ගීයක් ගායනා කළේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකට.මට මතකයි වික්ටර්
රත්නායක අයියා මට ඒ අවස්ථාව ලබා දුන්නේ.
ඊටපස්සේ ගුවන් විදුලි සංස්ථාවේ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. මගේ මුල්ම සරල ගී
වැඩසටහන ඊට පසුව තිබුණේ ගීත හතරක් එහිදී ගායනා කළා. ඒ කාලේ මගේ ජනප්‍රිය වුණ
ගීතය තමයි ‘දහසක් කුමරුන් නාවත් කම් නැත‘ කියන ගීතය සනත් අයියා තමයි සංගීතවත් කළේ.රචනා කලේ නිහාල්
රත්නසිරි රූපසිංහ ගීත රචකයාව මං කවදාවත්
දැකලා තිබුණෙත් නැහැ.
පි-‘එදා ඔබ
මෙහි නොආවානම් නෑ මෙවන් දුක් වේදනා‘ කියන ගීතයට .එය පාසල් ප්‍රේමයක් ගැන කියවෙන
ගීතයක්.ඒ ගීතය ගයානා කරපු මුල් කාලයේදී ගොඩක් ජනප්‍රිය වුණා.
ප්‍ර-එදා සහ
අද කලා ක්ෂෙත්රයේ වෙනසක් දකිනවාද?
පි- එදා
ඉගෙනගෙන හැදැරීම් කරලා මේ ක්ෂේත්රයට ආව අය වැඩියි. නමුත් අද බොහෝ දෙනා ජනප්‍රියත්වය,ප්‍රසිද්ධිය
බලාගෙන එනවා.ඒ නිසා හොද නිර්මාණත් අඩුයි.ඒ අතරින් දක්ෂ,නිර්මාණශිලී,ඉගෙනගත්තු අයත්
නැතුවම නෙවෙයි.මේ දේවල් අපේ කාලෙට වඩා ලොකු වෙනසක් තියෙනවා.
ප්‍ර-ඉදිරියේදී
ඔබේ නව ගීත රසවිදින්න අපිට හැකියාවක් ලැබෙයිද?
පි-මගේ පැරැණි
ගීත ඒ කාලයේ ඩීවීඩි තැටි වල පටිගත කරපු ඒවා විතරයි තිබුණේ .ඒවාගෙන් සිඩි තැටිවලට
පටිගත කරනවා තෝරාගත් ගීත.ඒ අතරින් අලුත් ගිත නිර්මාණ කරපු ඒවත් තියෙනවා ඉතින් ලගදීම ඒ ගිත එකතුවක්
රසවිදින්න පුළුවන් වෙයි.
ප්‍ර-කලාවේ
පැවැත්ම වෙනුවෙන් මොනවගේ දේවල් කළ යුතුයි කියලා හිතනවද?
පි- පළමු දේ
තමයි හොදට මේ විෂය ගැන අවබෝධයක් ඇතිව හැදැරි
යුතුමයි. එහෙම වුණාම හරවත් දේ බිහි වෙනවා. පැරැණි දේ රැකෙනවා. එ වගේම මේ
මෑතකදී සංස්කෘතික අමාත්‍යංශය මගින් සංවිධානය කළ සංගීත වැසටහනකට සම්බන්ධ වුණා. පැරණි
ගායක ගායිකාවන් තිස් දෙන්නෙක් විතර ගීත ගායනා
කළා.ඉතින් ඒ ප්රසංගයඉතා සාර්ථකයි ඉතින් ඒ වගේ පැරණි දේ අගයන්න අලුත් පරපුරට මේ
දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.එහෙම වුණොත් මේ වැටිලා ඉන්න තත්වෙන්
මිදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.කලාකරුවා ඇගයීම කියන්නෙත් ලොකු පැවැත්මක්.
ප්‍ර- ඔබට එදා
වගේම අදත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා කියලා හිතෙනවද?
පි- මං හිතනවා ඔව්
කියලා.වේදිකාවට නැගලා ගීත ගායනා කරලා බහිද්දි ගොඩක් දෙනා අහනවා ඇයි මේ
ගීත අපිට අහන්න නැත්තේ.සීඩි නැද්ද ගන්න. කියලා.මං ඇමෙරිකාවේ ප්‍රසංගයකට
සහභාගිවුණා.එහිදි හිතාගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා.ඉතින් මං හිතනවා එදා වගේම
අදත් මගේ ගීතවලට කැමැති පිරිසක් ඉන්නවා කියලා.ඒ අය වෙනුවෙන් තමයි ඉදිරියේදී ගිත
එකතුව සිදු කරන්නත් හිතුවේ.
ප්‍ර-නිර්මලා
රණතුංග ගායිකාවක් නොවුනානම් අද කවුරු වෙයිද ?
පි- නර්තතන
ශිල්පිණියක් වෙයි.මොකද මගේ කැමැත්ත තිබුණේ
එ පැත්තට ඇත්තටම මේ අහම්බයක්. ගුවන් විදුලියේ
ළමා මණ්ඩපයේ වැඩසටහන් ගිහින් තමයි
මට ගීත කියන්න අවස්තාව ලැබෙන්නේ. ඉතින් ඒ කාලේ මගේ සැමියා විජේරත්න රණතුංග මුණ
ගැහෙනවා .ඉතින් එයා කැමැති වුණේ මං ගී ගයනවට.පසුව මගේ දෛවය වෙනස් වුණා අන්තිමේදී නර්තනය
අතහැරලා ගායනය තෝරා ගත්තා.
ප්‍ර- එදා
මෙදා තුර කලා ලෝකයේදී සිදු වුණ අමතක කරන්න බැරි සිදුවීම් තියෙනවද?
පි- දවසක් මං
ගයනා කළ ගීතයක් අහලා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාව ගොඩක් අගය කලා.එදා දැනුණ
සතුට වගේම මහාචාර්ය සුනිල් ආරියරත්නම කිව්වා එක්තරා ගායකයකුට මං සමග ගීත ගයන්න
එක් වෙන්න කියලා. නමුත් ඒ ගායකයා මාව ප්‍රතික්ෂේප
කලා.එදා එ සිදුවීම අමතක කරන්න බැහැ.ඒ ප්‍රතික්ෂේප කිරිම අද මාව නතර කළේ මේ වගේ ඉහළ
තැනක.ඒ ආව ගමන මං සාර්තක කළා.
ප්‍ර- තරුණ
පරම්පරාවට මොකද්ද කියන්න
තියෙන්නේ?
පි- මේ විෂයට
ආදරේ කරන්න,ඉගෙන ගෙන යමක් කරන්න,මොන බාධක ආවත් තමන්ට පුළුවන් දක්ෂයි කියලා විශ්වාස නම් ඒ දේ කරන්න.හොද නිර්මාණ කරලා මේ
ක්ෂේත්රය රැක ගන්න.
ප්‍ර-ඉදිරි
බලාපොරොත්තු මොනවද ?
පි-අලුත් සංගීත
පන්ති ආරම්භ කිරීමේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න,සංගීත පන්තියේ බාල , වැඩිහිටි දරැවන්ගේ ඉල්ලීමක් තියෙනවා එයාලගේ ප්‍රසංගයක් තියන්න සුදානම් කරන්න කියලා ඉදිරියේදී ඒ ඉල්ලීම ඉටු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ
වගේම මගේ දරු මුණුපුරන් ,පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න
(සටහන දිල්රුක්ෂි ග්‍රේරු)